මුලින් ම මට කියන්න දෙයක් තියනවා ඔයාලට..... කථාව පහල තියනවා.
මෙහෙමයි මට හිතෙනවා ඔයාලා ගොඩක් මං මේකෙන් කියන්න හදන දේ තේරුම් අරගෙන නැත්දෝ කියලා....
හරි මං එකින් එක පැහැදිලි කරන්නම්.....
සමස්ථයක් විදියට ගත්තොත් මේ කථාවේ කවුරුත්ම හරිත් නෑ, වැරදිත් නෑ... හැම කෙනෙක්ම තමන්ගේ දෘෂ්ටි කෝණයෙන් හරි වෙනකොට තව කෙනෙක් ගේ දෘෂ්ටි කෝණයෙන් වැරදියි.....මුලින්ම අපි ටේහී ගේ සහෝදරයෝ ගමු, එයාලගේ දැක්මට අනුව එයාලා ටේහීට ආදරේ කරනවා අසීමාන්තිකව, තනියම ගමනක් නොයවා, යාලුවෙක් ආශ්රය කරන්න නොදී එයාලා ටේහීව එයාලා ලගම තියාගෙන පරිස්සම් කරනවා...ඔයාලට මතකයි නේද?
ඒත් ටේහීට ඕනත් ඒ වගේ ජීවිතයක් ද කියලා එයාලා හිතුවේ නෑ....
ටේහීට ඕන වුනා තමන්ව තේරුම් ගන්න තමන් වගේම යාලුවෙක්, ටේහීට ඕන වුනා ස්වාධීන වෙන්න...
ඒත් සහෝදරයෝ ඒකට ඉඩ තිබ්බේ නෑ....කවුද වැරදි?
කවුරුත් නෑ....
එයාලා දෙගොල්ලොගේම කථාව ඇතුලේ දෙගොල්ලොම හරි... ඒ වගේම ටේහීට අනුව නිදහසක් නොදී ඕනවට වඩා පරිස්සම් කරන සහෝදරයෝ වැරදි, සහෝදරයින්ට අනුව නපුරු ලෝකේ එක්ක ගැටෙන්න දගලන ටේහී වැරදියි, ඔයාලට තේරෙනවද?එතකොට ජිමින්?
මෙහෙම හිතන්නකෝ ඔයාට අතිශය වැදගත් රාජකාරියක අතිශය ම වැදගත් කාර්යයට ඔයා තෝරගන්නෙ කාවද? ඔයාට විශ්වාසවන්ත ම කෙනා නෙවේද ? ජිමින් ට අනුව ජිමින් ටේහීගේ ආරක්ෂාව වෙනුවෙන් උපරිම දේවල් කරලා තිබුනා...මං ඒ ගැන ලියලා තියෙනවා....
ජිමින් ටේහීට බලකලේ නෑ එයා ඉල්ලීමක් කලේ.....එතකොට ටේහී?
සහෝදරයෝ මැද්දේ ලෝකේ ගැන පිටස්තර බැදීම් ගැන අල්ප දැනුමක් තිබුන ටේහීගේ හිතේ ජිමින් හරි ඉක්මනින් ලොකු ඉඩක් අරගත්ත...ඒකට හේතුව ගෙදර නොදැනෙන නිදහස ටේහී ජිමින් හමුවේ අත් වින්දා.....
එහෙව් කෙනා ගේ ඉල්ලීම අහක දාන්න ටේහීට ඕන වුනේ නෑ...
ඒ වගේම ටේහී විශ්වාස කලා තමන් ජිමින් ට උදව් කරන්න ඕන කියලා.....යුන්ගි?
කවදාවත් ම කාගේවත් ආදරනීය සැලකීමක් නොලැබුන යුන්ගි ට ටේහීගෙන් ලැබුන සැලකිලිමත් බව ගොඩක් ලොකු දෙයක් වුනා...පස්සේ ආශ්රය කලාම ටේහිත් තමන් වගේම සිතුවිලි තියෙන කෙනෙක් කියලා යුන්ගි තේරුම් ගත්තා....ඒක නිසයි එයා මෙච්චර කාලේකට කිසිම පිට කෙනෙක් ට නොකියපු රහස ටේහී එක්ක බෙදාගෙන හිත නිදහස් කර ගත්තේ....

CZYTASZ
🥀SHAPE of LOVE🥀 ( 𝑃𝐽𝑀 𝑓𝑖𝑐𝑡𝑖𝑜𝑛 )𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳✔
Fanfictionකොරියානු බුද්ධි අංශ ප්රධානියා ඔෆිසර් ජිමින් පාක්!. බුසාන් නගරේ පුරාම මිනිස්සු ජිමින් ව අදුරන්නේ චෙෆ් කෙනෙක් විදියට... මැග්නට්!! කොරියාවේ තියන ලස්සනම කැෆේ එක... කැෆේ මැග්නට් වල ඕනර් කඩවසම් චෙෆ් ජිමින්!! සහෝදරයෝ හතර දෙනෙක් ට මැදිවුන දගකාර හැඩකාරි...