"ගුඩ් මෝනින්ග් මිසිස් පාක්! වෙලාව උදේ දහයත් පහු වෙලා..."
බාගෙට ඇහැරලා ඇදේ එහා මෙහා බලපු ටේහී ගේ කම්මුලකට හාදුවක් තියලා ජිමින් කියනකොට ටේහී එක සැරේටම ඇස් ලොකු කරලා ජිමින් දිහා බැලුවා.... තොල කොනක් හපලා ඇහිබැමක් උස්සපු ජිමින් රතුපාටට හැරෙන ටේහීගේ රෝස කම්මුල් දිහා බලාගෙන හෙමින් හිනා වුනා.....
"නැගිටිමුද මට බඩගිනියි!!"
විසිරිලා තිබුන කෙහෙරැල්ලක් ටේහී ගේ කන පිටිපස්සෙන් රදවලා ජිමින් ඇහුවා....
"ඔයාට තිබුනනේ ඇහැරවන්න!!"
නෝක්කාඩු කියන ගමන් ටේහී නැගිටලා වාඩි වුනා...ජිමින් යන්තමින් හිනා වෙන ගමන් ටේහී දිහා බලාගෙන හිටියා.... මොහොතකින් ජිමින් ගේ බැල්ම තේරුම් ගත්ත ටේහී ඉන ලගට වැටිලා තිබුන ඩුවට් එක උඩට ඇදලා ගද්දී, සද්දෙන් හිනාවුන ජිමින් තරහින් කෑ ගහන ටේහීවත් අත් දෙකට අරගෙනම වොෂ් රූම් එකට ගියා.....
____________________________________"හෙයොන්ග්!! ඇයි තේරුම් ගන්න බැරි? ජිමින් ටේහීව අරගෙන සෝල් ගිහින්!!"
විසල් ලිවින්ග් ඒරියා එකේ කලබලෙන් එහා මෙහා ඇවිදින ගමන් නම්ජූන් කියද්දී ජින් කට බාගෙට ඇරගෙන නම්ජූන් දිහා බලලා අහක බලාගත්තා.... ටේහ්යුන් ජන්කුක් දෙන්නා ඇස් බෝල කරගෙන එහා මෙහා ඇවිදින නම්ජූන් දිහා බලාගෙන හිටියා....
"මොකක්ද ඒකේ වරද නම්ජුනා, ජිමින් ටේහීගේ හස්බන්ඩ්!!"
ජින් ගානකට නැතුව කිව්වා....
"ඒත් සෝල් වල කොහෙද ආරක්ෂාවක් හෙයොන්ග්!! "
නම්ජූන් ආයේමත් සද්දෙන් කියනකොට ජින් නම්ජූන් දිහා ඇස් හීන් කරලා බැලුවා...
"ඇත්තටම නම්ජූනා උබට පිස්සු හැදිලද? මොකක්ද වෙලා තියෙන්නේ, ඊයේ මහ රෑම බුසාන් ගිහින් නිවාඩු දවසේ නිදාගන්න නොදී මහ පාන්දරම ඇහැරවලා මොනවද උබ මේ නටන නාඩගම් ආ?"
මෙච්චර වෙලා සාමකාමීව හිටපු ජින් වාඩි වෙලා හිටපු තැනින් නැගිටලා මහ හඩින් බෙරිහන් දෙන්න ගත්තා.....ජන්කුක් ටේහ්යුන් දෙන්නා එක ලගට ගුලි වෙද්දි නම්ජූන් ඉක්මනින් වාඩි වුනා....
ESTÁS LEYENDO
🥀SHAPE of LOVE🥀 ( 𝑃𝐽𝑀 𝑓𝑖𝑐𝑡𝑖𝑜𝑛 )𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳✔
Fanficකොරියානු බුද්ධි අංශ ප්රධානියා ඔෆිසර් ජිමින් පාක්!. බුසාන් නගරේ පුරාම මිනිස්සු ජිමින් ව අදුරන්නේ චෙෆ් කෙනෙක් විදියට... මැග්නට්!! කොරියාවේ තියන ලස්සනම කැෆේ එක... කැෆේ මැග්නට් වල ඕනර් කඩවසම් චෙෆ් ජිමින්!! සහෝදරයෝ හතර දෙනෙක් ට මැදිවුන දගකාර හැඩකාරි...