🥀5

596 167 20
                                    

එදා රෑ අහම්බෙන් ජිමින් ව මුන ගැහිලා සති කීපයක් ගෙවිලා ගිහින් තිබුනා.... එදායින් පස්සේ ටේහී ආපහු ජිමින් ව දැක්කේ නෑ... එදා සිද්ධියෙන් පස්සේම ජිමින් ආපහු කැෆේ එකට ආවේ නෑ.... හුරුපුරුදු වැඩ රාජකාරි එක්ක දවස් ලැසි ගමනින් ගෙවිලා ගියා....

සුන්දර වසන්ත සිකුරාදාවක වලාකුලු වලින් තොර අහසේ හිරු දීප්තිමත් ව බැබලුනා.... වෙලාව උදේ දහය පහුවෙලා විනාඩි විස්සක් වුනා.... ටේහී හිටියේ එයාගේ සම්පූර්ණ අවදානේම සකසුරුවම් ඔරිගාමි නිර්මානයකට යොදවලා.... ඒ නිසාම කලබලෙන් බුක් ෂොප් එක ඇතුලට කඩාවැදුණු අමුත්තාව ටේහී දැක්කේ නෑ.... ඒත් ටේහීට ඇහුනා ෂොප් එකට අමුත්තෙක් එනවා... ඒ බුක් ෂොප් එකේ දොර ඉස්සරහ එල්ලලා තිබුන windchine එකේ හඩින්....

ටේහී සාවධානව වැඩේට අවදානේ දුන්නේ අමුත්තාට නීදහසේ පොතක් තොර ගන්න ඉඩ සලසලා.... ඒත් වැඩි වෙලාවක් නොගිහින් ම ටේහී ගැස්සිලා ගියේ ටේහී ගේ නිර්මාණ තියලා තිබුන රාක්කේ පැත්තෙන් ලොකු සද්දයක් ආපු නිසා....

වාඩි වෙලා හිටපු තැනින් නැගිටපු ටේහි, ඒ පැත්තට ඇවිදගෙන ගියා.... ටේහී ගේ අත්කම් නිර්මාණ ගොඩ මැද්දේ බිම වැටිලා හිටියේ හුරු පුරුදු කෙනෙක්....

"ඔයා!!!"

දෙන්නට දෙන්නා එක සැරේටම කිව්වා...

"ඔ..ඔහ් ජ්..ජිමින්ෂී!! ඔයාට තුවාලද?"

අඩියට දෙකට බිම වැටිලා හිටපු ජිමින් ලගට දුවගෙන ගිය ටේහී ඇහුවා...

"ආහ් මගේ කොන්ද, කවුද මේ බුක් ෂොප් එකේ අයිතිකාරයා, මේ පොලව හොදටම ලෙස්සනවා, මගේ ඇදුමත් ඉවරයි!!"

ටේහී ගේ උදව්වෙන් නැගිටලා වටපිට බලලා ජිමින් කෑ ගහනකොටයි ටේහී දැක්කේ බිම ඉහිරිලා තිබුන අයිස්ක්‍රීම්... ටිකකට කලින් ෂොප් එකට ආපු ගෑනු කෙනා එක්ක හිටපු පුංචි බබාගේ අතේ අයිස්ක්‍රීම් එකක් තිබුනා ටේහීට මතකයි.....

"ඔහ් මියන්හේ ජිමින්ෂි, මේ පැත්තෙන් එන්න මං ඔයාට වොෂ් රූම් එක පෙන්නනම්.....!!"

පුදුමෙන් බලාගෙන ඉන්න ජිමින් දිහාවට ඔලුව නවලා ටේහී කිව්වා....

"ඔයා!! ඔයා මෙහේද වැඩ කරන්නේ..ඒත්...!"

ජිමින් ට උත්තර නොදීම ටේහී බලෙන්ම ජිමින් ව වොෂ් රූම් එක ඇතුලට දාලා දොර වැහුවා....
____________________________________

🥀SHAPE of LOVE🥀 ( 𝑃𝐽𝑀 𝑓𝑖𝑐𝑡𝑖𝑜𝑛 )𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳✔ Donde viven las historias. Descúbrelo ahora