🥀 19

415 130 10
                                    

තවත් සතියක කාලයක් විශේෂිත සිද්ධියකින් තොරවම ගෙවිලා ගියා...ඒ සතියට එක දවසක් වත් "බොස් " කියලා හදුන්වන පුද්ගලයා ක්ලබ් එකට ආවේ නෑ...ඒවගේම ඒ සතියේම ජිමින් ටේහීව මුන ගැහෙන්න ආවේත් නෑ...රාජකාරී එක්ක කාර්යබහුල බව ජිමින් ටේහීට කිව්වා...ඒත් දවල් කාලේ ඉඩ ලැබෙන හැම වෙලාවකම ජිමින් ටේහීට phone එකෙන් කථා කලා....

ටේහී ක්ලබ් එකේ වැඩට ඇවිත් තුන්වෙනි සතියත් පටන් අරගත්තා... මේ වෙනකොට නම්ජූන් ජින් විතරක් නෙවෙයි ටේහ්යුන් ජන්කුක් දෙන්නත් ටේහීට ජිමින් එක්ක ඩේගු එන්න කියලා බල කරමින් හිටියා....

ඒත් ටේහී කලේ දිගින් දිගටම ඒ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරපු එක... නම්ජූන්ගේ සහ ජින්ගේ ඇවිටිලි අවසානේ ටේහීට කරදරයක් වෙන තරමටම වැඩි වුනා.... ටේහී දැනගෙන හිටියේ නෑ මේ තරම් තමන්ට බල කරලා ගෙදර එන්න කියන හේතුව....ටේහීගේ ඔලුවට ආපු එකම දේ සහෝදරයෝ තමන්ගේ නිදහස සීමා කරනවා කියනෙක විතරක්ම වුනා.... ටේහීට ඒ ආයාචනා වල හැන්ගිලා තිබුන ආදරේ එක මොහොතකට නොපෙනී ගියා....
ටේහීට මේ වෙලාවේ තිබුන එකම අරමුණ ජිමින් ට උදව් කරන්න ඕන කියනෙක විතරක්ම වෙනකොට ටේහී හිතලා බලන්නේ නැතුවම සහෝදරයෝ දෙන්නගේ හිත් බිදලා දාලා තිබුනා.....

"අපි මොකක්ද කරන්නේ නම්ජූනා, මං මං මගේ පුංචි කෙල්ලගේ නිදහස සීමා කලාද නම්ජුනා, මට ඕන වුනේ පරිස්සම් කරගන්නනේ, පරිස්සම් කරගන්න විතරයි!!"

බිම බලාගෙන කොන්ඩේ ඇදගන්න ගමන් ජින් ඔහේ කියෙව්වා...නම්ජූන් නිහඩව බිම බලාගෙන හිටියා.... ටේහී දෙවරක් නොහිතා කියපු වචන වල විසතුඩු වලින් සහෝදරයෝ වේදනා වින්දා....

"මං මං එයාගේ ජීවිතේට ඇගිලි ගහනවා වැඩීද නම්ජුනා, අපේ රෝස මලට අපි කරදර කරනවද ආ"

ජින් ඔහේ කියෙව්වා.... නම්ජූන් නිහඩවම හිටියා...ඒ තමයි සහෝදරයො දෙන්නගේ වෙනස....ජින් තනියම කියවලා හිත හදගත්තත් නම්ජූන් හැමදේම තනියම හිතේ හිර කරගෙන වේදනා වින්දා.....

මේ කිසි දෙයක් ගැන නොදැන ටේහී එදා රෑත් වෙනදා වගේම සුපුරුදු රාජකාරියට පිටත් වුණා.... සුපුරුදු පරිදිම එකිනෙකා අතරේ වචනයක් වත් හුවමාරු කර නොගෙන අඩ අදුරේ තිබුන කාර්යාල කාමරේ ඇතුලේ හිටපු කෙල්ලො තුන් දෙනා තමන්ගේ රාජකාරිය අකුරටම ඉෂ්ඨ කලා.....

🥀SHAPE of LOVE🥀 ( 𝑃𝐽𝑀 𝑓𝑖𝑐𝑡𝑖𝑜𝑛 )𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳✔ حيث تعيش القصص. اكتشف الآن