වෙලාව උදේ දහයයි.... මේ තමයි දවසේ ටේහී ආසම කරන වෙලාව... සෞම්‍ය උදේ ඉර එලිය බුක් ෂොප් එකේ වීදුරු ජනෙල් අතරින් ඇතුලට ගලාගෙන ආවා....
කාර්ය බහුල වීදියේ කඩිමුඩියේ එහා මෙහා ඇවිදින ජනතාව අතරේ ඇස් අරගෙන යන ගමන් අතේ තිබුන උනු චොක්ලට් කිරි මග් එකේ සුවද විදපු ටේහී කිරි උගුරක් බිව්වා....
අම්මගේ අතේ එල්ලිලා අයිස් ක්‍රීම් එකක් කකා ඇවිදගෙන යන පුංචිත්තෙක් දැක්ක ටේහී ගේ මූනේ හිනාවක් ඇදුනා.... ටේහීගෙයි ජිමින් ගෙයි හිතවත් කම් අලුත් වුනේ එදා අයිස්ක්‍රීම් වලට ලෙස්සිලා ජිමින් වැටුනට පස්සේ.... එදායින් පස්සේ සිද්ධ වුන දේවල් හිතේ ඇදෙද්දී ටේහීගේ කම්මුල් ටිකෙන් ටික රතට හැරුනා.....
එදා කෑම්ප් ඩේට් එකෙන් පස්සේ දැන් සතියක් ගෙවිලා ගිහින්.... මේ සතියටම ටේහී ජිමින් ගේ සේයාවක් වත් දැක්කේ නෑ.... ජිමින් ගේ නම්බර් එක ටේහී ලග තිබුන වුනත් ටේහී ජිමින් ට කතා කලේ නෑ.... එදා උදේ ටේහී නැගිටින්නත් කලින් ජිමින් පිටවෙලා ඇවිත් තිබුනේ ජින්ගෙන් විතරක් සමු අරගෙන.... ටේහී තාමත් එදා රෑ ජිමින් කියපු දේවල් ගැන හිතනවා.... ඒත් ජිමින් ගේ නිහඩ පිලිවෙත ගැන ටේහීගේ හිතේ කුතුහලයක් තිබුනා.... ඒ වගේම තමන්ගේ තීරනේට සහෝදරයෝ කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා ටේහී හිටියේ දෙගිඩියාවෙන්...සුපුරුදු විදියටම බුක් ෂොප් එකේ දවස ගෙවපු ටේහී හවස් වෙද්දි ජන්කුක් තේහයුන් එක්කම ගෙදර ආවා....ඒ වෙනකොටත් ජින් රෑ කෑම හදන්න පටන් අරගෙන තිබුනා.... ජින්ට ගෙදර ආපු බව කියලා කාමරේට ගිය ටේහී වොෂ්අප් වෙලා පහලට එනකොට ටේහීට ඇහුනා පහල කිචන් එකේ සහෝදරයන්ගේ සද්දේ ....
"ඔයාලා හදන්නේ එයාව හිර කරන්න, ඇයි එයාටත් ජීවිතයක් තියනවා කියලා හිතන් නැත්තේ?"
ජන්කුක් ගේ උස් හඩ ඇහෙන කොට ටේහී එහෙමම නැවතුනා....
"ජිමින් නරක කෙනෙක් නෙවෙයි!! එයාලා දෙන්නා එකිනෙකා ට කැමතියි!! හෙයොන්ග්ලා නිසයි ටේහී ජිමින් ට වචනයක් කියන් නැත්තේ!!"
ආපහු වතාවක් ජන්කුක්.... ටේහී ඇස් ලොකු කරගෙන අතින් කට වහගත්තා.....
"හෙයොන්ග්ලාට ඕනේ සල්ලිකාර නාකියෙකුට ටේහී ව දෙන්නද? හිතනවද ටේහී සතුටින් ඉදී කියලා!!"
YOU ARE READING
🥀SHAPE of LOVE🥀 ( 𝑃𝐽𝑀 𝑓𝑖𝑐𝑡𝑖𝑜𝑛 )𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳✔
Fanfictionකොරියානු බුද්ධි අංශ ප්‍රධානියා ඔෆිසර් ජිමින් පාක්!. බුසාන් නගරේ පුරාම මිනිස්සු ජිමින් ව අදුරන්නේ චෙෆ් කෙනෙක් විදියට... මැග්නට්!! කොරියාවේ තියන ලස්සනම කැෆේ එක... කැෆේ මැග්නට් වල ඕනර් කඩවසම් චෙෆ් ජිමින්!! සහෝදරයෝ හතර දෙනෙක් ට මැදිවුන දගකාර හැඩකාරි...