වෙලාව හවස පහු වෙලා තිබුනා... ටේහී හේසෝක් ජීයෝන් වගේම යුන්ගිත් හිටියේ පුංචි ගෙදර ඉස්සරහ තිබුන සිමෙන්ති ගල් අතුරපු ඕපන් ඒරියා එකේ ලී බංකු වල වාඩි වෙලා....
වසන්තයේ දවස් නිසාම තාමත් ඉර එලිය අවට පැතිරිලා තිබුනා.... ග්රිල් වෙන මස් වල සුවද අවට පැතිරිලා ගිහින් තිබුනා.... වීදුරු කෝප්ප හැදි එකිනෙක ගැටෙන හඩ ඇරුනම රාත්රියේ ක්රියාකාරී වෙන සත්තුන්ගෙ සතුටු හඩින් විතරක් අවට නිහැඬියාව බිදිලා ගියා.....
"රෑ අටට අපේ බෝට්ටුව වෙරළට එනවා නේද ජියෝනා!!"
යුන්ගි හෙමින් ඇහුවා....ඒ හඩේ දුර්වල බවක් රැදිලා තිබුනා....
"ඔව් ඩොක්ටර් අපි මෙහෙන් ගිහින් පැයකට විතර පස්සේ ටේහී එක්ක පිටත් වෙන්න...."
බැදපු මස් පෙති කීපයක් දීසිය උඩ පිලිවෙලට අසුරන ගමන් ජීයොන් කිව්වා.....
"නෑ ජියොනා!! ටේහී ඩොක්ටර් එක්ක තව ටිකකින් පිටත් වෙලා යයි!!"
යුන්ගි හෙමින් කහින ගමන් කිව්වා....
"යූන්!!"
ජියොන් ගේ හඩේ තරවටුවක් ගැබ් වෙලා තිබුනා.....ටේහී ත් ඇස් උස්සලා යුන්ගි දිහා බැලුවා...."අපි ඔයාලා පිටත් වුනාම යන්නම් යුන්ගියා ඉට්ස් ඕකේ!! හිතේ දෙගිඩියාවෙන් පිටත් වෙන්න ඕන නෑ!!"
හේසෝක් සන්සුන් හඩින් කිව්වා....
"නෑ ඩොක්ටර්!! ඔයාලා කෑම කාලා පිටත් වෙන්න!! මට ඔයාලව විශ්වාසයි!! "
යුන්ගි හේසෝක් ගේ උරහිසට තට්ටු කරලා කිව්වා....."ආහ් අපි ඒක ඒ වෙලාවට බලමුකෝ, ඒක නෙවෙයි ජීයොන් මට අද රෑ හතට හෝම් විසිට් එකක් තියනවා මං ඒ අයට ඉන්ෆෝම් කරන්න ඕන එන්න වෙන්නේ නෑ කියලා...."
හේසෝක් කිව්වා....
"ආහ් ඩොක්ටර් ඒ අයට කෝල් එකක් අරගෙන කියන්න ඒකට කමක් නෑ... ඩොක්ටර් අපි එක්ක කියලා කවුරුත් දන්නේ නෑනේ "
ජියොන් කියනකොට ටේහී තමන් ලග තිබුන හේසෝක් ගේ phone එක ටේබල් එක උඩින් තිබ්බා... හදිසි රෝගියෙක් වෙනුවෙන් නගරෙන් පිට යන්න වුන නිසා අද එන්න වෙන්නේ නෑ කියලා දැනුම් දුන්න හේසෝක් phone එක offකරලා ආයේත් ටේබල් එක උඩින් තිබ්බා....

BẠN ĐANG ĐỌC
🥀SHAPE of LOVE🥀 ( 𝑃𝐽𝑀 𝑓𝑖𝑐𝑡𝑖𝑜𝑛 )𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳✔
Fanfictionකොරියානු බුද්ධි අංශ ප්රධානියා ඔෆිසර් ජිමින් පාක්!. බුසාන් නගරේ පුරාම මිනිස්සු ජිමින් ව අදුරන්නේ චෙෆ් කෙනෙක් විදියට... මැග්නට්!! කොරියාවේ තියන ලස්සනම කැෆේ එක... කැෆේ මැග්නට් වල ඕනර් කඩවසම් චෙෆ් ජිමින්!! සහෝදරයෝ හතර දෙනෙක් ට මැදිවුන දගකාර හැඩකාරි...