"ඉතින් ඔයා මොනවද හිතන්නෙ එදා මං කියපු දේ ගැන?"
ටේහීගේ අතට බටර් පිහිය දෙන ගමන් ජිමින් ඇහුවා....වතාවක් ඇස් උස්සලා ජිමින් දිහා බලපු ටේහී ඉක්මනින් බිම බලාගත්තා... ටේහීට මේ හැගීම් නුහුරුයි!! අඩුම තරමේ තමන්ගේ කැමැත්ත ජිමින් ට කියන්නේ කොහොමද කියලා වත් අදහසක් ටේහීට තිබුනේ නෑ... සහෝදරයෝ හතර දෙනා ඇරුන කොට ටේහී කාවවත් ම ආශ්රය කරලා තිබුනේ නෑ.... ආදරේ කියන්නෙ මොකද්ද කියල හරිම අදහසක් ටේහීට තිබුනේ නෑ... ඒත් ආදරේදී එකිනෙකා ගේ අදහස් හැගීම් හැමදේම ගැලපෙන්න ඕන කියනෙක ගැන ටේහී දැනගෙන හිටියා කතා පොත් වලින්!!....ඒත් ඇත්ත ජීවිතේ කියන්නේ නවකතාවක් නෙවෙයි කියනෙක ගැන අත්දැකීමක් ටේහීට තිබුනේ නෑ.... ටේහී දඟකාරකම් කලේ ගෙදර ඇතුලේ විතරයි!! ටේහී කෑ ගහලා හිනාවුනේ සහෝදරයෝ ලග විතරයි!! එලියට ගියාම ටේහී ගොඩක් නිශ්ශබ්ද චරිතයක්!! මිනිස්සුන්ගේ හිත රිදෙන කථා නිසාම හැමෝගෙන්ම ඈත් වෙලා ජීවත් වෙන්න ටේහී පුරුදු වුනේ යන්තමින් තේරෙන වයසේ ඉදලමයි....
කල්පනාවක හිටපු ටේහී ගැස්සිලා ගියේ බටර් පිහිය අල්ලගෙන හිටපු අත උඩින් ජිමින් ගේ අතේ උනුසුම දැනෙන කොට.... ටේහී ඔලුව හරවලා ජිමින් දිහා බැලුවා...ජිමින් ඇස්වලින් කේක් එක පෙන්නුවා.... හිනාවෙලා ඔලුව වනපු ටේහී ජිමින් එක්කම කේක් එක කැපුවා....
කපපු කේක් කෑල්ල අතට අරගෙන ටේහී බිම බලාගද්දි ටේහී ගේ අතින් අල්ල ගත්ත ජිමින් කේක් කෑල්ලක් දත් අතරට අරගත්තා... ඒ ගමන්ම කේක් කෑල්ල ටේහීට ලං කලා...
"හොදයිද?"
ඊලගට ටේහී ගේ මූනට එබිලා ජිමින් ඇහුවා...ටේහී ඔව් කියන්න ඔලුව වැනුවා.... ජිමින් හිනාවුනා...
"පොඩ්ඩක් ඉන්න!! බැරිවෙලාවත් ඒක හැදුවේ ඔයාද?"
මෙච්චර වෙලා මූන හංගපු ටේහී වෙනුවට සුපුරුදු දගකාර ටේහී එලියට එද්දී ටේහී ඇහුවා...ජිමින් හිනාවෙලා ඔලුව වැනුවා....
"ඒක ගොඩක් රසයි!! අපේ කුකී දැනගත්තොත් ඔයා මෙහෙම රසට කෑම හදනවා කියලා බේරෙන්න හම්බ වෙන්නේ නෑ..."
ටේහී හිනා වෙලා කිව්වා....
"ඉතින් මං ලබන සතියේ මගේ මාම්වයි පපාවයි ඔයාගේ ගෙදරට එක්කන් එන්නද?"
CZYTASZ
🥀SHAPE of LOVE🥀 ( 𝑃𝐽𝑀 𝑓𝑖𝑐𝑡𝑖𝑜𝑛 )𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳✔
Fanfictionකොරියානු බුද්ධි අංශ ප්රධානියා ඔෆිසර් ජිමින් පාක්!. බුසාන් නගරේ පුරාම මිනිස්සු ජිමින් ව අදුරන්නේ චෙෆ් කෙනෙක් විදියට... මැග්නට්!! කොරියාවේ තියන ලස්සනම කැෆේ එක... කැෆේ මැග්නට් වල ඕනර් කඩවසම් චෙෆ් ජිමින්!! සහෝදරයෝ හතර දෙනෙක් ට මැදිවුන දගකාර හැඩකාරි...