🥀13

544 139 13
                                    

වෙරල කිට්ටුවම තිබුන චර්ච් එකෙන් ආගමික කටයුතු සිද්ධ කලාට පස්සේ කට්ටියම ආවේ එයාලා වෙන් කරගත්ත function area එකට..... සෞම්‍ය ශරත් හිරු ඈත කෙලවරින් බැහැගෙන යමින් තිබුනා....මුලු අහසම අලුපාට මිශ්‍ර රත්රන් පාටකට හැරිලා තිබුනා....

ලොකු උත්සවයක් ගන්න අදහසක් ටේහීට වගේම ජිමින්ට තිබුනේත් නෑ. ඒ නිසාම උත්සවයේ හිටියේ හරිම පුංචි පිරිසක්.....ඒත් ඒ හිටපු ටික දෙනා හිටියේ හරිම සතුටින්....

බැහැගෙන යන රන්පාට හිරු එළිය වැටිලා ලා රත් පැහැයක් අරගෙන තිබුන ටේහීගේ කම්මුල් දිලිසුනා.... ඊටත් වඩා ටේහීගේ ඇස් සතුටින් දිලිසුනා.... දනිස තෙක් දිගුවුන සුදු පැහැති මංගල ගවුම ටේහීට හුරුබුහුටි පෙනුමක් අරගෙන ඇවිත් තිබුනා.. සැරෙන් සැරේට මූනට වැටෙන ජිමින් ගේ නොඉවසිලිමත් ඇස් රහසින් කියන කථාවලට කෝල වෙන ටේහී දිහා ජින් සතුටින් බලාගෙන හිටියා....

ඉස්සරම දවසක මමා ලස්සන රෝස පාට බ්ලැන්කට් එකක ඔතලා අරගෙන ආපු සුදු රෝස මල ජින්ගේ ලගින් තියද්දී, නිල් පාටින් බ්ලැන්කට් එකක ඔතලා හිටපු මුරන්ඩු පාට දගයා ලැබුනේ නම්ජූන් ට....
ඒත් නම්ජූන් ටත් ඕන වුනේ සුදු රෝස මලේ පිරුනු කොපුල් වල හාදු තියන්න.... පුංචි ජින් කාටවත්ම රෝස මලට ලංවෙන්න දුන්නේ නෑ... අවුරුදු විසි හයක් ජින් රෝස මලේ කටු තියන නටුව වුනා... කාටවත්ම මල අයිති කරගන්න නොදී රෝස මල පරිස්සමින් බලාගත්තා....

ඒත් අදින් පස්සෙ? අදින් පස්සේ ජින් ගේ සුදු රෝස මල එයාට උරුම තැන නවතිනවා....ඇස් අගට ගුලි ගැහුණු කදුලු ගිලිහිලා යද්දිම පිහලා දාපු ජින් එකිනෙකා තුරුලේ නර්ථනයේ යෙදෙන ආදරනීය යුවල දිහා බලලා හෙමින් හිනා වුනා.....
නම්ජූන් ජින්ගේ උරහිසට මෘදු තට්ටුවක් දැම්මා...

ඉර මුහුදේ ගිලිලා ගියා.... කලුවර අහසේ තරු එක දෙක මතුවුනා... evening outdoor function එකක් විදියට සිද්ධ වුන ටේහීගෙයි ජිමින් ගෙයි වෙඩින් එකේ අවසාන විනාඩි කීපය එලබිලා තිබුනා... ඇවිත් හිටිය අමුත්තෝ එකිනෙකා සුබ පතලා නික්මිලා යද්දී, පවුලේ කීප දෙනා විතරක් ඉතිරි වුනා...
අවසානේ මිස්ටර් & මිසිස් පාක් දෙන්නත් පිටත් වෙන්න සූදානම් වුනේ ජිමින් ටේහී එක බීච් සයිඩ් හොටෙල් එකේම දවස් කීපයක් නවතින්න ඩිසයිඩ් කරලා තිබුන නිසා.....

🥀SHAPE of LOVE🥀 ( 𝑃𝐽𝑀 𝑓𝑖𝑐𝑡𝑖𝑜𝑛 )𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳✔ Where stories live. Discover now