° CHAPTER 16 °

575 87 96
                                    

~ Next Day Morning ~

උදේම ඇහැරුන ගමන් මට ඇහුනේ පහළ කව්රුහරි මොනාහරි බඩු පෙරළන සද්දයක්..

ඇදෙන් නැගිටලා යන්න හැදුවත් මට හෙල්ලෙන්නවත් බැරි උනේ ජන්කුක් මාව අත් කකුල් ඔක්කොගෙන්ම බදාගෙන වෙලාගෙන බෙල්ල අස්සෙ මූණත් හංගගෙන තාමත් හොදටම නිදි නිසා..

මං හිමීට ජන්කුක්ට ඇහැරෙන්නෙ නැති වෙන්න ඇදෙන් බැහැලා දොරත් ඇරගෙන පහළට ගියේ උදේ පාන්දර කව්ද බඩු පෙරළන්නෙ බලන්න..

මං පහළට යද්දි නම්ජූන් අයියා කුස්සියේ ඉදගෙන බරටම වැඩ.. ඒකතමා මේ සද්දේ..

මං ඉතින් ඈනුමකුත් ඇර ඇර හිමීට කුස්සියට ගියා..

" ගුම් මෝනින් නම්ජූන් අයියේ.."

මං කතා කරහම එයත් පිටිපස්ස හැරිලා හිනාවෙලා මගෙ කොණ්ඩෙත් පොඩ්ඩක් අව්ල් කලා..

" ගුඩ් මෝනින් මල්ලි.. කෝ අර මනුස්සයා තාම නිදිද.."

" ඔව් අයියේ ඊයේ අපි රෑ වෙනකම් ෆිල්ම් බැලුවා නිදිමත ඇති එයාට.."

" ආහ් ඒකතමයි ඒත් තව ටිකකින් නැගිට්ටවන්න ස්කෝලේ යන්න ඕනනෙ..".

" ඔව්. ඒක නෙවෙයි කොහෙද අයියා ඊයේ එකපාරටම ගියේ.."

" ආහ්..මංද..මං මේ වැඩ කරන ෆාමසි එකෙන් හදිස්සියක් කියලා එන්න කිව්වනෙ.."

" ඕ එහෙමද අයියේ මට ජන්කුක් ගැන ටිකක් කියන්නකො.."

" ම්ම් හොදයි එහෙනම් එන්නකො."

නම්ජූන් අයියයි මමයි කොෆි දෙකකුත් හදාගෙන ලිවින්ග් රූම් එකේ තිබ්බ සෝෆා එකෙන් ගිහින් ඉදගත්තා..

ලොකු කතාවකට මුල පුරන්න වගේ අයියා ලොකු හුස්මක් පිට කලා..

~ After 1 hour later ~

" මල්ලි ජන්කුක් කියන්නෙ අපෙ අම්මා තාත්තා නැති වෙන්න කලින් හුගක් අහිංසක ආදරේ පුරෝගත්ත කොල්ලෙක්.. අම්මා තාත්තා නැති උනත් හරි එයාට වටපිටාවෙන් කියපු කරපු දේවල් එක්ක හුගක් නපුරු කෙනෙක් උනා.. ඊටපස්සෙ ටික කාලයක් යද්දි එයා නවය වසරෙදි එයාගෙ කාමරෙ ස්කෝලෙ වැඩ කරන ගමන් ලැප් එකේ කාගෙද මන්දා කොල්ලෙක්ගෙ ෆොටෝ වගයක් බල බල හිටියා.. ඒ ළමයා හරි ලස්සනයි කියුට් චබී මං ඕක ගැන ඒ දවස් වල අහන්න ගියේ නෑ.. ඒත් එයා 11 වසරෙදි ස්කෝලේ ඇරිලා ගෙදර ඇවිල්ලා කොල්ලෙක් ගැන විකාරෙන් වගේ කියවන්න ගත්තා.. මං ඒත් ඇහුවා ඔය ළමයා කව්ද කියලා අන්න එතකොට ජන්කුක් මට කිව්වා ඒ ළමයගෙ නම කිම් ටේහ්‍යුන් දහය වසරෙ ඉන්නේ කියලා කිව්වම මං කිව්වා එදා ෆොටෝ බල බල හිටිය ළමයද කියලා.. ජන්කුක් කිව්වා ඔව් කියලා එතකොටම තමයි එයා කිව්වෙ එයා ඔයාට ආදරෙයි කියලා. මං දන්නවා එයා ඒක කිව්වෙ විහිලුවකට නෙවෙයි කියලා ඒ වචනෙ කියද්දි උගෙ ඇස්වල ආදරේ පිරිලා තිබ්බා ටේ.. අම්මට තාත්තට මට පස්සෙ ජන්කුක් ආදරේ කරේ ඔයාට.. ජන්කුක්ගෙ තාත්තා මං වෙද්දි එයාගෙ අම්මා උනේ ඔයා.. ඉතින් ජන්කුක් හරි හොද ළමයෙක් දැනටත් එහෙමයි.. ඔයාටම තේරෙනවා ඇති. ජන්කුක් උබට පණ ඇරලා ආදරෙයි ටේ.. මං දන්නවා ඔයත් එහෙම තමයි කියලා.. එකමයි මං මේකට කැමති උනෙත්.. ජන්කුක්ගෙ ඔය මුරණ්ඩු ගත් අරින්න පුළුවනුත් ඔයාටමයි කියලා මං දන්නවා.."

Stubborn Boyfriend [TK] ✔✔Where stories live. Discover now