4 කොටස 🍓

4.3K 371 75
                                        















" වඩ බන් වඩ...උඹ අපිට වඩ අරන් දීපන්කො "

" ආහ්හ්හ් කැන්ටිමේ ඇන්ටිගෙ සුදු අත්දෙකෙන් හදන සැර උලුදු වඩයක් කාලා ප්ලේන්ටියක් බිව්වම ආයෙ ඉතින් සුරවිමනක් දැක්කා වගෙ තමා "

ඉන්ටර්වල් එක ඔන්න මෙන්න තියෙද්දි කළණයයි සෙතුමයි එකතු වෙලා මගෙන් වඩ ඉල්ලද්දි කැන්ටිමට ගිහින් වඩේ වල ගණන් ඇහුවාම මගෙ ඉහමොළ රත් උනා. එක වඩයක් රුපියල් අසූවයි...කළණටයි මටයි සකුල්ටයි සෙතුම්ටයි වඩ හතරක් ගත්තොත් ඔක්කොම තුන්සීය විස්සයි. අනෙ අම්මේඒඒඒඒ මගෙ අතෙ තියෙන්නෙත් රුපියල් සීයයිනේ....කවුද හිතුවෙ මේ කෑම මෙච්චර ගනන් කියලා.......දන්නවා නම් මං අම්මා දුන්න සල්ලි වලින් තව සීයෙ කොල දෙකක්වත් අරන් එනවා. දැන් මොකද කරන්නේ...පණ්ඩිතකමට මං කිව්වනෙ උන් තුන්දෙනාට අරන් දෙන්නම් කියලාත්..මං හිතුවෙ වඩයක් රුපියල් විස්සයි කියලා....ගමේ ස්කෝලෙ නම් වඩයක් විස්සයි...මං සීය දීලා වඩ පහක්ම අරගෙන සෙතුම්ටයි කලණටයි එක ගානෙ දීලා මායි සකූයිත් එක ගානෙ කාලා ඉතුරු වඩේ දෙකඩ කඩන් හොරෙන් සකූ එක්ක කන්න හිටියේ...ම්හුක් !! ඌ මගෙ හොදම යාලුවනේ...

" දේව්....ඇයී "

" ම්ම්ම් පොඩ්ඩක් ඉන්න සකුල්....මං අයියව හම්බෙලා එන්නම් "

ඉක්මනට කැන්ටින් එකෙන් එලියට ආපු මං ස්කෝලෙ ගැන ලොකුවට දන්නෙ නැති උනත් කැන්ටිමට එන්න කලින් අරුන් තුන්දෙනා Al සෙක්ශන් ඔක්කොම පෙන්නුව නිසා අයියාගෙ පන්තිය හොයාගෙන දුවන් ගියා.

" 13 maths A..... අර B එකද කොහෙද...කෝ එතකොට C එක....ආහ්හ් අර තියෙන්නෙ "

දෙවනි තට්ටුවේ කෝරිඩෝවක් දිගේ මං ඇවිදන් යන ගමන් හැම පන්තියකම බෝඩ් එක දිහා බලාගෙන ගිහින් අයියගෙ පන්තිය හොයාගත්තා.

" මේ යස්සයා ඉන්නවද දන් නෑ "

පන්තියේ දොරෙන් හිමීට ඔලුව දාන ගමන් හිතුව මං පන්තිය වටේම ඇස් කරකව කරකව අයියව හොයද්දි මං දැක්කා දඩාර සයිස් අයියලා රංචුවක් මැද්දෙ ඉදගෙන අපේ අයියා කාඩ් ගහනවා....

යසයි බේසික ඩිපියුටියා....මූ සද්දෙ දාන්නෙ පොඩි උන්ට විතරද කොහෙද

♥🍓 _Strawberry_ 🍓♥ ( TK Non Fic )Where stories live. Discover now