" චූටී....... "
" ඇයී "
" ඔය ටීවි එක වහලා දාලා පොතක් බලාගන්නකො ළමයෝ "
" අනේ අම්මේ......තව චුට්ටයි අනේ "
" චුට්ටයි චුට්ටයි ගගා දැන් පැය කීයක වෙලේ ඉදන් උඹ ඔය අටමගලෙ බලනවද අහ්හ්....ඔව් ඉතිං උඹට නම් මොකද අර කොල්ලා නැහිලා නැහිලා මේවගෙ බිල් ගෙවනවානේ....අනේ මං දන් නෑ දෙයියනේ මූ කොහොම හැදෙනවද කියලා....බලනවකො පොඩ්ඩක් අයියා දිහා....ඉගන ගන්නවා මදිවට රස්සාවලුත් කරනවා "
අයියෝ.....ඔන්න පටන් ගත්තා ලොකු පුතාගෙ පම්පෝරිය....මට එපා වෙන්නෙ ඔය වෙලාවට තමා... අයියා ගැන කියවන්න ගත්තාම මගෙ නැති වැරදිත් මතු වෙනවා..මං ටීවි එක වහලා දාලා කන් දෙකත් වහගෙන මට මොකුත් ඇහෙන් නැතෝ කියලා කාමරේට දුවන් ගියා.
වෙලාව එකොලහ හමාරයි.
අද සෙනසුරාදා නිසා ස්කෝලෙත් නැහැනේ...පට්ට කම්මැලී අප්පා...ස්කෝලෙ ගියා නම් අරුන් ටික හරි ඉන්නවනේ....සකුලුත් ඔන්ලයින් නෑ වගේ....සමහර විට අද සුගත් හාමු ගෙදර ඇති.....අහ්හ් කියන්න අමතක උනානේ...අද මගෙ ගම්පලයාගෙ හෙලිකුට්ටන් ඩේ එක....අද වගේ දවසක තමා මගේ කූචි කූචි සොෆ්ට් සුදාප්පච්චි ඉපදිලා තියෙන්නේ....මං නම් රෑ එකොලහයි පන්ස් අටට කෝල් එකක් අරන්ම විශ් කරා....දොලහ වෙනකන් උන්නෙත් නෑ මට බය හිතුනා මට කලින් වෙන කවුරු හරි විශ් කරයි කියලා.
ඇදට වෙලා පෝන් එක චුට්ටක් ඔබ ඔබ උන්න මං කම්මැලිකම නැති වෙන්නත් එක්ක නාගන්න කියලා හිතන් තුවායත් අරන් බාතෲම් එකට රිංගගත්තා. ඊයෙ නාලත් නෑනේ...අදත් නාන් නැතුව ඉදලා අම්මට අහු උනොත් එහෙම චූටිගේ වැරදි පොතට තව වැරැද්දක් එකතු වෙනවා. ඊට වඩා හොදයි මම හිතලාම නාගන්න එක....දැන් දවල් නිසා වතුරත් ලොකුවට සීතල නෑ....
මං ඉතිං සුවද සබන් ඇග ගල්වා නාලා දත් සැට් එකත් මැදගෙන කොමලී වගේ තුවායත් පටලන් බාතෲම් එකෙන් එලියට ආවා. ඇවිල්ලා පෝන් එක අරන් ඩේටා ඔන් කරලා මං ආරුල් අයියට යවපු මැසේජ් වලට රිප්ලයි ඇවිල්ලද බැලුවා...අනේ මේ යකා අඩුම තරමේ සීන් කරලවත් නෑ.....පුදුම බෝයිප්රෙන්ලා තමා අපිටත් ඉන්නේ...මාත් සකුල් වගේ තරහා උනා නම් හරි....රෙද්ද....
YOU ARE READING
♥🍓 _Strawberry_ 🍓♥ ( TK Non Fic )
Non-Fiction" අහලා තියනවද අශස්....තෝඩු තෑගි දෙන්නෙ උරුමක්කාරයො උනාට මල් තෑගි දෙන්නෙ හිමිකාරයෝ කියලා.... " ආරුල් අයියාගෙ වචන වලට මගෙ බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙනවා....එයාගෙ ආදරේ මේ විදිහට දෙනෙද්දි මට බයයි මාව පුපුරයි කියලා.... " මිනිස්සු ආදරේටම විතරක් නෙමෙයි අ...
