8 කොටස 🍓

3.6K 346 54
                                        















" ජේව්....අනේ ජේව්ව්ව්.... "

" අඩන්නෙ නැතුව ඉන්නකො සකුල්....එයාට පොඩි ක්ලන්තයක් විතරනෙ දැම්මෙ "

" අනේ..ඒත් මට බයයිනෙ විසල් අයියේ "

මං ගාවින්ම ඇහෙන සකුල්ගෙයි අපේ අයියගෙයි කටහඩ අහගෙනම මං හිමීට ඇස් ඇරියා....ඉස්සල්ලා දැනුන ලේ සුවද දැන් මට දැනෙන්නෙ නෑ.....මට ඉහලින් කැරකෙන ෆෑන් එක දිහා ටික වෙලාවක් බලාගෙන හිටිය මාව දැක්ක සකුල් ඉක්මනට මං ලගට ඇවිත් මගෙ ඔලුව අතගෑවා

" ඔයා නැගිට්ටද ජේව්ව්...අනේ මං බය උනා "

" චූටී.... තවම කැරකිල්ලයි වගේද "

" න්...නැ අයියේ..... "

මං කියද්දි අයියා මගෙ නලලට අත තියලා රස්නෙ බැලුවා.....මං හිටියෙ ඇදක් උඩ...සකුල්ගෙ අත් දෙක උඩ මට ක්ලන්තෙ දාද්දි මං හිටියෙ ප්‍රිෆෙක්ට් රූම් එකේ වෙද්දි දැන් කොහොමද ඇදක් උඩට ආවේ.....සමහර විට අයියා අරන් එන්න ඇති....එතකොට ආරුල් අයියා ?? කෝ එයා... එයාගෙ අත....ඒකෙන් ලේ ආවා නේද...දෙයියනේ කොහෙද ආරුල් අයියා.....

" අයියේ ආරුල් අයියා....එයාගෙ අතින් ලේ ආවා....අයියෙ කොහෙද එයා.... හොදින් ඉන්නවද....මං...මං එයාව තරහා ගැස්සුවනේ... "

" ආරුල් හොදින් ඉන්නවා චූටී....එයා මේ උදේ එයාගෙ මාම්ට උයන්න උදව් වෙන්න ගිහින් පිහියට අත කපාගෙනනේ.... ඔයාගෙ වැරැද්දක් නෑ චූටි "

බොරු....අයියා කිව්වෙම තනිකර බොරුවක් වෙද්දි මට ඉඹේම හිනා ගියා... මගෙ වටේ ඉන්න හැමෝම මගෙන් මොනාම හරි දෙයක් හංගනවා කියලා මට දැන් සීයට දාහක් ශුවර්.... ආරුල් අයියට එයාගෙ මාම් එක්ක එච්චර හොද සම්බන්ධයක් නෑ.... මං දන්න දේවල් අනුව නම් එච්චර නෙමේ කොච්චරක්වත් හොද සම්බන්ධයක් නෑ....අනික එයා මට කිව්වා අද එයා ගෙනාපු කෑම එකත් ඉව්වෙ චූටි නැන්දා කියලා....අනිත් දේ තමා උදේ අත කැපුනා නම් ඉන්ටවල් එකේ එහෙම තුවාලයක් නොතිබිනේ කොහොමද ???

ටික වෙලාවක් රෙස්ට් කරාට පස්සෙ අයියයි සකුයි මාවත් අරන් එලියට ආවා...අද මං ප්‍රැක්ටිස් ඉන්නෙ නෑ.....අපි හිටියෙ ස්කෝලෙම ෆස්ට් එයිඩ් රූම් එකේ වෙද්දි අයියා මාව කෙලින්ම මේන් ගේට් එකෙන් එලියට එක්කන් ගියා. සකුල්ගෙ අම්මා අද ඇවිත්...සමහරවිට මං නිසා සකුල් එයාව ගෙන්න ගන්න ඇති.

♥🍓 _Strawberry_ 🍓♥ ( TK Non Fic )Where stories live. Discover now