සකුල්ගෙ බර්ඩේ පාර්ටි එකෙන් පස්සේ අපේ අයියා එක්ක උගෙ තිබ්බ හිච්චි තරහා ඉවර උනා.හැමදාම බැරි උනත් පුලුවන් හැමවෙලාවකම වගේ මං ආරුල් අයියා එක්ක කාලෙ ගෙව්වා....එයාගේ අපාට්මන්ට් එකට ගියාම මට රජ සැප ඉතින් 👉👈 සහස් අයියා මට සලකන්නෙ මං එයාගෙම මල්ලි වගේ....ඒ උනාට ඉතිං මං නම් ඔය සහෝදරකම් හිතේ තියාගෙන නෙමේ සහස් අයියා එක්ක ඉන්නේ....එයාව බදින්න බලාගෙනම තමා මෙව්වා මේ මෙහෙම කරන්නේ....
හරි සාමකාමී සති දෙක තුනක් මේ ගෙවුනේ...වෙලාවකට මට බයත් හිතෙනවා කුණාටුවක් උනත් එන්න කලින් වටේ පිටේ සාමකාමීනේ.....ඒ නිසා මං හුගක් පරිස්සම් උනා..විශේෂයෙන්ම අපේ අම්මාගෙන්...බැරිවෙලා හරි අම්මා දැනගත්තොත් මං ආරුල් අයියාව තවමත් හම්බෙනවා කියලා මොනවයින් මොනවා වෙයිද දන්නෙ නෑ....
" මේ බලනවා අශස්.....තමුසෙ තනිකරම බොරුනෙ ලියලා තියෙන්නෙ....මේ වගේ පොඩි වචනයක්වත් බැරිද අහ්හ්...spellings සම්පුර්ණයෙන්ම වැරදී "
"ම්ම්ම්ම්ම්"
" අශස්......."
" ආව්ව්ව් අනේ "
ආරුල් අයියාගෙ ලොකු අත මිට මොලවලා මගෙ ඔලුවට හිල් වෙන්න ටොක්කක් ඇන්නම එයාගෙ පොත් මේසෙ උඩ තිබ්බ දිලිසෙන පෑන් සෙට් එකෙන් චිත්ර ඇද ඇද උන්න මාව උඩ ගියා.....
" මොකද අනේ ගහන්නේ "
" තමුසෙ නම් අශස් කොහොම හැදෙනවද මන්දා....ස්කෝලෙදිත් උගන්නන වෙලාවෙ එක එක විකාර කරල වෙන්න ඇති පේපර්ස් වලට ලකුණු අඩුවෙන් ගන්නේ...මේ බලනවා මේ letter එකේ කොච්චර අඩුපාඩු තියනවද කියලා "
ආරුල් අයියා සැරෙන්ම මට කියලා පේපර් එකට ඇගිල්ල තියලා පෙන්නුවාම මං ඒක දිහා බැලුවා. රතු පාට බලි කුරුටු ගොඩක් ඇදලා හැම වැරදි වචනයක්ම ආරුල් අයියා මාර්ක් කරලා....
" ඇයි මගේ පේපර් එක කැත කරේ......ම්හුක් මං ලස්සනට ලිවුවත් එක්ක "
ආරුල් අයියාටත් රවලා මං පේපර් එක අතට ගත්තාම එයා නිකන් මාව කිරට උයලා කනවද මිරිසට උයලා කනවද කියලා හිතාගන්න බෑ වගේ බැල්මකින් මං දිහා බලන් උන්නා.
YOU ARE READING
♥🍓 _Strawberry_ 🍓♥ ( TK Non Fic )
غير روائي" අහලා තියනවද අශස්....තෝඩු තෑගි දෙන්නෙ උරුමක්කාරයො උනාට මල් තෑගි දෙන්නෙ හිමිකාරයෝ කියලා.... " ආරුල් අයියාගෙ වචන වලට මගෙ බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙනවා....එයාගෙ ආදරේ මේ විදිහට දෙනෙද්දි මට බයයි මාව පුපුරයි කියලා.... " මිනිස්සු ආදරේටම විතරක් නෙමෙයි අ...
