" උඹලා දන් නෑනේ...අඩෝ ඊයෙ නම් සුපිරි දවස බන්....තොපිට කියන්න නවිදුවා දුන්නා එකක් ගල් ටික්කන්ගෙ ස්කෝලෙ එකෙක්ට කන් අඩිය කීන් ගාන්න "
" අපරාදේ අපිටත් යන්න තිබ්බෙ නේද ජේව්.... "
" උඹ නම් ගියාට වැඩක් නෑ කොහොමත් "
" ඇයි "
" ගල් ටික්කන්ගෙ ස්කෝලෙ ඉන්නෙ හෙන දඩාර සයිස් උන්නෙ යකෝ...උඹ උඩ පැනලද උන්ට ගහන්නෙ "
" අනේ මේ මං කිව්වා කියලා හිතාගනින්...හරි උස එකානෙ "
මගෙ ඔලුවට අත දිග ඇරලා එකක් ගැහුව සකුල් කියද්දි මායි සෙතුමායි පහක් දාලා හිනා උනා. ඊයෙ ස්කෝලෙ ඇරුනම බස් එකේදි අපේ උන්ට ගල් ටික්කො සෙට් වෙලා...ගල් ටික්කො කිව්වේ අපේ ස්කෝලෙ උන්ගෙ පරම සතුරු පාසල.... කොච්චර තරහයිද කියනවා නම් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ විපක්ෂ දෙකවත් එච්චර මරාගන් නෑ...
ඕක මේ අතීතයේ බරණැස් නුවර බ්රහ්මදත්ත නම් රජ කෙනෙකු රජකම් කරන කාලයේ සිට පැවතගෙන එන ජන්මාන්තර වයිරයක්ලුනේ...අනේ මං නම් දන් නෑ....මට කිව්වෙත් අපේ උන්....මටත් ඉතින් රණ්ඩුවක් වෙන්න හේතුවක් ඕන් නෑනේ...උන් තරහා නිසා මාත් තරහා වෙන්න හිත හදාගත්තා...ඉතින් දැන් මං තරහයි....
මේකයි සීන් එක....මේ දවස් වල බිග් මැච් එකේ උණුහුම සුට්ට සුට්ට මෝදු වේගන එන නිසා ස්කෝල දෙකේම කොල්ලො පයර් වෙලා ඉන්නේ ඇගේ වැදුනත් මරාගන්න පොටක් පාද ගන්න තරම්ම...මොකද බිග් මැච් එක තියෙන්නෙ ගල් ටික්කොයි අපේ ස්කෝලෙයි අතරෙනෙ... ඔය හින්දා තමා ඊයෙ අපේ පන්තියේ නවිදුවා බස් එකේදි ගල් ටික්කෙක්ට නෙලලා තියෙන්නෙ...
" අරූට කේස් එකක් යන එකක් නෑ නේද කලණයා "
" නෑ නෑ.....අද සමරසිංහ සර් ඇවිල්ලාත් නෑනේ..පොර උන්නා නම් තමා කේස් එකක් අදින්නෙ "
" එහෙනම් නිහල් සර් පත දේශනයක් දෙයි ඌට "
නවිදුවාව දැන් ටිකකට කලින් ඇවිල්ලා විනය කමිටුවට එක්කන් ගියා. කොහොමත් ඉතින් යුනිෆෝම් එක ගෑවුන තැනක හරි වැරැද්දක් උනොත් කෙලින්ම සමත මණ්ඩලේනේ...
YOU ARE READING
♥🍓 _Strawberry_ 🍓♥ ( TK Non Fic )
Non-Fiction" අහලා තියනවද අශස්....තෝඩු තෑගි දෙන්නෙ උරුමක්කාරයො උනාට මල් තෑගි දෙන්නෙ හිමිකාරයෝ කියලා.... " ආරුල් අයියාගෙ වචන වලට මගෙ බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙනවා....එයාගෙ ආදරේ මේ විදිහට දෙනෙද්දි මට බයයි මාව පුපුරයි කියලා.... " මිනිස්සු ආදරේටම විතරක් නෙමෙයි අ...
