මගේ ජීවිතේ මම ආදරේ කරන හුඟක් මිනිස්සු හරි ඉක්මනට මගෙන් ඈතට යනවා...ඉතින් මම හරි බයයි කෙනෙක්ට ආදරේ වෙන්න..මගේම කියලා කෙනෙක් ළංකරගන්න..ඒ මගේ දෛවය වෙන්න ඇති...ඒත් තාමත් හිතාගන්න බැරි ඒ මගේ ලැබීමටද නොලැබීමටද කියන්න..කොහොම වුනත් ඒ හෑමවතාවකදිම නොසෑහෙන්න දුක් විඳින්නේ
මමමයි...
ඒ අය මට ආදරේ කළා හෝ නොකළා මම ඒ අයට ආදරේ වුනා...
පිස්සුවෙන් වගේ ඒ අයගෙන් ආදරේ හෙව්වා...
නොලැබෙන තැන්වලදී රණ්ඩු කරා,පස්සෙන් ගියා...
ඒ කොහොම වුනත් අන්තිමේදී නොගැළපෙන කෙනෙක් කියලා ඒ හැමෝම මාව තනි කළා...මාව පාවිච්චි කරා
ඒ හැමවෙලාවකම මම දෙයක් ඉගෙනගත්තා...
ඒ තමයි බැදීම් වැඩිවෙන තරමට දුකත් වැඩියි කියන්න...
අපි ඒ අයව අපේ හිතෙන් අල්ලගෙන ඉන්නේ කොච්චරක්ද ඒ තරමටම අපේ හිතුත් රිදෙනවා..
පුංචි වෙනසකදී පවා කලබල වෙනවා..
අපේ හිත්වල වැරැද්ද වෙන්නත් ඇති...
ඒ කොහොම වුනත් මම දන්නේ මෙච්චරයි...
මඟ හැරුණු මිනිස්සු,තනිකරපු මිනිස්සු කියලා වෙනසක් නෑ
ඒ කාට වුනත් මම නොසෑහෙන්න ආදරේ කළා...
අහිමිවෙන මොහොත වෙනකල්ම..
සමහරුන්ට අහිමිවෙලා ගියාට පස්සෙත්...
ඒ මිනිස්සු ගැන තුන් හිතකවත් වෛරයක් එදා තිබුනෙත් නෑ අද ඇත්තෙත් නෑ...
හැම වෙලාවකම හැම අහිමිවීමකදිම මම හිතහදාගත්තේ ඒ මගේ නොලැබීම විදිහට....
ඒත් යටි හිත හොඳටම එක දෙයක් ගැන දන්නවා...
ඒ මම මගෙන් මඟ හැරුණු අය වෙනුවෙන් කැපවුන තරම ගැන...
ඒ අය වෙනුවෙන් කොයි තරම් ආදරේ වෙන් කරාද කියන්න...
මගේ ළඟ ඒ අය වෙනුවෙන් හුස්මක වෙනසක්වත් නොවුනා කියන්න...
ඇත්තටම යටි හිත දන්නවා
මගේ ආදරේ ලබන්න පිං මදිවුනේ
ඒ මිනිස්සුන්ට කියන්න...
අදටත් බැඳීම් වෙනුවෙන් මහා හුඟක් ආසයි...
රණ්ඩුවෙවී ආදරේ කරන්න,අනිත් උන් වගේ හැමතැනම ඇවිදින්න යන්න වගේ දාහක් බලාපොරොත්තු හිත අස්සේ තිබුනත් ඒ හැම එකක්ම හීනෙකට විතරක් සීමා කරගන්න තරමට මම දැන් බැඳීම් වලට හුඟක් බයයි...
ආදරයක් දැනුනත් ඒ තැන්වලින් පැනලා යන්න හිතෙන තරමට හිත දැන් වෙනස්වෙලා...
තනිකම කියන බැඳීම එක්ක ඕනෑවටත් වඩා යාළුවෙලා...
රිදවන්න කවුරුත් නෑ,දාලා යන්න කවුරුත් නෑ,
අහිමිවෙන්න කවුරුත්ම නෑ...
තනිකම කියන්නේ ඇත්තටම වෙනම ජීවිතයක්...
බැඳීම්වලින් හෙම්බත් වුනු හුඟක් මිනිස්සු තනිකමත් එක්ක යාළුවුනාම ඒ ජීවිතෙන් ලේසියකින් ගොඩට ගන්න බැරි ඒ නිසයි...
ඇත්තටම තනිකම කියන්නේ ඇබ්බැහියක්...
වචනෙන් කීවට ඒ තරම් නොදැනුනත් ඒ ජීවිතේ විඳින්න වුනු දවසට මිනිස්සු ඒ ඇත්ත තේරුම් ගන්නවා..
ඒ අත්දැකීම බර පන්තියෙන්ම විඳින එකෙක් විදිහට මං දැන් ඒකට ඇබ්බැහි වෙලා ඉවරයි
YOU ARE READING
♥🍓 _Strawberry_ 🍓♥ ( TK Non Fic )
No Ficción" අහලා තියනවද අශස්....තෝඩු තෑගි දෙන්නෙ උරුමක්කාරයො උනාට මල් තෑගි දෙන්නෙ හිමිකාරයෝ කියලා.... " ආරුල් අයියාගෙ වචන වලට මගෙ බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙනවා....එයාගෙ ආදරේ මේ විදිහට දෙනෙද්දි මට බයයි මාව පුපුරයි කියලා.... " මිනිස්සු ආදරේටම විතරක් නෙමෙයි අ...
