62 කොටස 🍓

2.4K 193 47
                                        



" සිරිල් මේ කේස් එකට අදාල ඔක්කොම ඩීටේල්ස් ටික හෙට උදේ වෙද්දි මගෙ ටේබල් එක උඩ තියෙන්න ඕනා "

" ඒත් සර් මේක ක්ලෝස් කරපු කේස් එකක්නේ "

" තමුසෙට ඒ පණ්ඩිතකම් වලින් වැඩක් නෑනෙ කිව්ව දේ කරන්න "

" හරි සර්...."

සහස්ව හොස්පිට්ල් එකට ගිහින් දාලා ආපු යුගාන් සහස් පෙන්නුව කේස් එකේ ෆයිල් එක අරන් මුල ඉදන් චෙක් කරන්න පටන් ගත්තා....මේ ඉන්නෙ අශස්ගෙ තාත්තා නම් මේකෙ තියන විදිහට මේ මනුස්සයා මැරිලා තියෙන්නෙ කෝච්චියට පැනලා....ඒත් කොහොමද නුවර හිටිය මනුස්සයගෙ කේස් එකක රිපෝට් එකක් යුගාන්ගෙ පොලිස් ස්ටේශන් එකේ තියෙන්නෙ.....

ඒකමයි යුගාන්ට මේ ගැන සැක හිතුනේ....

" මොනා වෙලාද සර් මේ ෆයිල් ටික බිම වැටුනේ "

" අහ්ම්...මේ මාව කබඩ් එකේ හැප්පුනා "

" ඔක්කොම මාරු වෙලා..."

" පොඩ්ඩක් බලලා හරියට හදන්න සිරිල් "

" සර් "

" ම්ම්ම්ම් "

" ඩස්බින් එකත් මම අයින් කරන්නද "

" ඇයි ක්ලීනින් එකෙ අය නිවාඩු අරන්ද "

" නෑ සර්....මේ....... "

ෆයිල් එකට තිබ්බ ඇස් දෙක සිරිල් දිහාට හැරෙද්දි සිරිල් තොල්පට හපාගෙන අහක බලාගත්තා. වයස පනහට කිට්ටු උනත් මේ පොලිස් ස්ටේශන් එකේ යුගාන් ලගින් ආශ්‍රය කරන එකම එක්කෙනා සිරිල් නිසා යුගාන්ගෙ සමහර වැඩ ගැන කාටත් කලින් සිරිල්ට තේරෙනවා...පරිණත මනුස්සයෙක් නිසාදෝ නැත්තන් යුගාන්ව අනික් පොලිස් නිලධාරින්ට වඩා ලගින් ආශ්‍රය කරන නිසාදෝ මන්දා සිරිල් සමහර වෙලාවට යුගාන්ගෙන් බැනුම් ඇහුවත් හිතේ කහටක් නම් තියාගන්නෙම නෑ...

" මොකද සිරිල් "

" සහස් මහත්තයා ගිහින් දාන්න ගිය නිසා සර්ට කලබලේටද කොහෙද ඩස්බින් එක අයින් කරන්න අමතක වෙලා "

සටස් ගාලා ෆයිල් එක වහලා දාපු යුගාන් කලබලෙන් නැගිටලා ඩස්බින් එක දිහා බැලුවා....කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු....ආරස්සක තොප්පිය ඩස්බින් එකේනෙ....ලැජ්ජාවෙන් බාල්දියෙන් එකයි...

♥🍓 _Strawberry_ 🍓♥ ( TK Non Fic )Where stories live. Discover now