25 කොටස 🍓

2.9K 241 30
                                        





" මොකාද කියනවලා මගෙ පාට දහයේ පෑන ගත්තු ගල් මූසලයා.....මාව යකෙක් කරගන් නැතුව හොද හිතින් ගත්තු එකා වහාම ඒක දීලා පලයන් "

" කන් ඇහෙන් නැද්ද යකුනේ තොපිට...."

මම මගෙ බෑග් එක දඩාස් ගාලා මේසෙ උඩට අත ඇරලා පන්තියම දෙදරන්න කෑ ගැහුවත් එක පගෙක් මාව ගනන් ගත්තෙ නෑ...ස්කෝලෙ අරින්න බෙල් එක ගහලා ගාථා කිව්ව නිසා මුන් බෑග් එල්ලන් දුවන්න හදනවා.

අපේ පන්තියේ ඉන්නෙ මහ කබ්බ හොරුද කොහෙද....මං අභිමන් සර්ව හම්බෙලා එන්න නැටුම් කාමරේට ගිය ටිකට ඊයෙ අයියා අලුතින්ම අරන් දුන්න පාට දහයෙ පෑන හොරකම් කරලානේ..මට හොදටම මතකයි මං ඒක සකුල්ට පෙන්න පෙන්න ඉදලා මේස උඩින් තියලා ගියේ කියලා...ඒත් ඇවිල්ලා බලද්දි ඔහෙ නෑ....අද මං ඒක හොයාගෙනමයි යන්නෙ ඉදපන්කො....දන් නෑ මං කාගෙ කවුද කියලා....

" තෝ නේද මගෙ පෑන ගත්තේ දියන් හොද හිතින් ඒක "

" පිස්සුද දේව්....අත ඇරපන් මාව...මට පරක්කු වෙනවා "

පිටිපස්සෙ ඉදන් දුවන්න හදපු සජිතව අල්ලගත්තු මං උගෙ කොලර් එකෙන් අල්ලන් කියද්දි ඌ මාවත් තල්ලු කරන් බස් එක පරක්කු වෙයි වගේ දුවලා ගියා. බොරුවනෙ බොරුවනේ...ඕකගෙ තාත්තා පයිලට් කෙනෙක්....ස්කෝලෙ ගේට්ටුව ලගටම ඩ්‍රයිවර් එනවා ගන්න...බොරුවට දුවනවා පණ කඩන්...

" ඒයි ඔහොම ඉන්නවා "

" මොකද "

" උඹ නේද මගෙ පාට දහයෙ පෑන ගත්තු පරයා "

" උඹේ පෑන් ගන්න මට පෑන් නෑ කියලා හිතුවද "

" ඒවා මං දන් නෑ...උඹ තමයි පෑන හොරකම් කරන්න ඇත්තේ "

" අනෙ මේ දේව්....මට ඔය කෙහෙල්මල් පෑන් වලින් වැඩක් නෑ....අනික ඒක මං ගත්තා කියන්න කොහෙද සාක්ෂි තියෙන්නෙ "

" සාක්ෂි තියෙන්නෙ ලේ වල "

" මොකක් "

" උඹේ නම ලසද රාජපක්ෂ නෙ..තෝ ඇවිල්ලා කබ්බ හොරු ඉන්න පරම්පරාවකින් එන පගෙක්....මට තෝව තමා සැක....දීපන් හොද හිතින් පෑන "

" මෙ මොන විකාරයක්ද මේ....මං ගත්තු පෑනක් නෑ...අත ඇරපන් මාව "

" දීපිය මගෙ පෑන .... රජ හෝරපස්ස "

♥🍓 _Strawberry_ 🍓♥ ( TK Non Fic )Where stories live. Discover now