" ඇයි සකුල් එයාලා අපිට එහෙම කලේ "
මං ඇස් වල කදුලු පුරෝගෙන සකුල්ගෙන් අහද්දි ඌ මගෙ අත් දෙකෙන් අල්ලගත්තා....
ඊයෙ රෑ නැගිට්ට උනායින් පස්සෙ මට හරිහමන් නින්දක් ගියේම නෑ....අයියාව බදාගෙන අඩලා අඩලා මහන්සියටම ඇස් පිය උනත් විනාඩි පහෙන් පහට ගැස්සිලා ඇහැරුනා...අයියා මං ලගට වෙලා මගෙ ඔලුව අතගානවා ඇහැරෙන හැම වතාවකම දැනෙද්දි මං අයියගෙ අතක් හයියෙන් අල්ලගෙන අයියටම ගුලි උනේ හිතේ තිබ්බ බයටමයි....
කියලා ගියා වගේම එලි වෙද්දිම සකුල් ආපහු ආවා....මං හිටිය විදිහ දැකලා ඌ කොච්චර ශොක් උනාද කියනවා නම් දැන් උදේ දහයත් පහු වෙලා සකුල් මං ගාවින් හෙල්ලුනේවත් නෑ.....
" මෙ ලෝකෙ සමහර මිනිස්සු ඉන්නවා ඒ ගොල්ලන්ට මිනිස්සු කියන නමට වඩා ගැලපෙන්නෙ තිරිසන්නු කියන නම ජේව්.... අවාසනාවකට වෙන්න ඇති ඔයාටයි සුදු අයියටයි හුස්ම ගන්න උනේ ඒ තිරිසන්නු මැද්දෙ "
" මට කියන්න....මට කියන්න සකුල් එදා මොකක්ද උනේ.... "
සකුල් මං දිහා ටික වෙලාවක් බලාගෙන ඉදලා ලොකු හුස්මක් පාතට දැම්මා....ඊටපස්සෙ අල්ලන් උන්න මගෙ අත් දෙක දිහා එකපාරක් බලලා ආයෙත් මගෙ මූණ දිහා බැලුවා.
" එදා වැව ගාවින් සුදු අයියව බලෙන්ම අරගෙන ලොකු අප්පච්චි ආවෙ වලව්වට....මං උන්නෙ බත් කන ගමන්.. මිදුලෙන් වාහනේ නවත්තපු ගමන් කකා උන්න මට ඇහුනා සුදු අයියා යටිගිරියෙන් කෑ ගගහා අඩන සද්දේ....ඒ සද්දෙ මට විතරක් නෙමේ වලව්වෙ හැමෝටම ඇහුනා...මං ඉක්මනට බත් එක දාලා දුවලා ගියා මොකද උනේ බලන්න "
සකුල්ගෙ ඇස් දෙක බිමට බර උනා.
" ලොකු අප්පච්චි සුදු අයියට බිම දාගෙන ගැහුවා ජේව්..... මට හොදටම මතකයි එයා ඇදන් උන්න ලා නිල් පාට බැනියමේ පිට ලේ පාරවල් වලින් තෙත් වෙන්නම ලොකු අප්පච්චි සරම හිරවෙන්න බැදලා තිබ්බ බෙල්ට් එකෙන් ගැහුවා.... "
" සුදු අයියා ඔයාගෙ නම කියලා කෑ ගැහුවා...ඔයා ගාවට යන්න දෙන්න කියලා කෑ ගැහුවා...ඔයා බය වෙලා ඇති කියලා කෑ ගැහුවා...ඒ උනාට ජේව්....ඒ වලව්ව ඇතුලෙ එක මිනිහෙක් හිටියෙ නෑ සුදු අයියාව බේරගන්න.... සීයා අර එයාගෙ හාන්සි පුටුව උඩට වෙලා ගානක්වත් නැතුව බලන් ඉද්දි ආච්චි කරේ ලොකු අප්පච්චිට තවත් තරහා යන්න එක එකේවා කිව්ව එක...එතකොට අපේ අප්පච්චිත් ඔහේ බලාගෙන උන්නා...අම්මි විතරයි ජේව් සුදු අයියට හිටියේ...එයා මැද්දට පැනලා සුදු අයියව බේර ගත්තා.....ඒත් අප්පච්චි ඇවිත් අම්මිගෙ කනට ගැහුවා...ඒ හින්දා අම්මි බදාගෙන උන්න සුදු අයියව අම්මිට අත ඇරුනා..."
YOU ARE READING
♥🍓 _Strawberry_ 🍓♥ ( TK Non Fic )
No Ficción" අහලා තියනවද අශස්....තෝඩු තෑගි දෙන්නෙ උරුමක්කාරයො උනාට මල් තෑගි දෙන්නෙ හිමිකාරයෝ කියලා.... " ආරුල් අයියාගෙ වචන වලට මගෙ බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙනවා....එයාගෙ ආදරේ මේ විදිහට දෙනෙද්දි මට බයයි මාව පුපුරයි කියලා.... " මිනිස්සු ආදරේටම විතරක් නෙමෙයි අ...
