අපේ මුලු ස්කෝලෙම ලමයි හිටියෙ ග්රවුන්ඩ් එකේ...පපරෙ සද්දෙ බරටම නැගලා යද්දි අපෙ උන් පිස්සො වගේ කෑ ගගහා නටනවා... නටන් නැතුව තියෙයි ඈ... උන් හිටියෙ ඒ තරම් සතුටින්.... සකුල් මාවයි රූහිවයිත් ඇදගෙනම නටන කොල්ලො මැද්දට පැනලා නටන්න ගත්තාම රූහි මම සෙතුම් කලණ අපි ඔක්කොම උඩ පැන පැන නැටුවා.
" God ට බැරි උනානෙ මාවත් කොල්ලෙක් කරන්න....එහෙම උනා නම් අපි class mate ලා ඒයි "
" කෙල්ලෙක් උනා කියලා වෙනසක් නෑ රූහි...තමුසෙ විතරයි මෙතන කොල්ලො ගොඩ මැද්දෙ ඉන්න එකම කෙල්ල 😂 "
සකුල් නට නටම කෑ ගහනවා..අනේ අම්මපා මුන්ට හෙන ආතල්...මං නටන ගමන්ම සේපට ඇහැ දාලා මගෙ මනුස්පයාව හෙව්වා. ඉස්සල්ලා නම් අයියා කෙනෙක්ගෙ කර උඩ හිටියා...දැන් අතුරුදන් වෙලා...මං කකුල් වලින් ඉස්සි ඉස්සි ආරුල් අයියව හෙව්වා.එයා දණ්ඩක් වගෙ උස නිසා පේන්නම ඕනා...හැම කෙනාම කොල පාට ඇදලා නිසා හොයාගන්නත් අමාරුයි...මං කැරකි කැරකි ආරුල් අයියව හොයද්දි එකපාරට මගෙ ඉන වටේට අතක් එතුණ නිසා මාව ගැස්සිලා ගියා.
" අශස් "
පපරෙ සද්දෙ මැද්දෙ උනත් මගේ කනට දැනුන උනුසුම් කටහඩ කාගෙද කියලා අමුතුවෙන් හිතන්න දෙයක් නෑ....ඒ ආරුල් අයියා....මං ඉක්මනට එයාගෙ පැත්ත හැරෙන්න හැදුවත් එයා මං පිටිපස්ස හැරිලා ඉද්දිම මගෙ ඉන තව ටිකක් තද කරලා ඇල්ලුවා. ලමයි ඔක්කොම පිස්සො වගේ නටන නිසාත් දැන් හවස හයත් පහු වෙලා නිසා කාටවත් අපි දෙන්නව නෝට් උනේ නෑ....නෝට් උනාද කියලාවත් මං දන්නෙ නෑ....
" විනාඩි පහකින් පැවිලියන් එක පිටිපස්සට එන්න "
එයාගෙ හීනි තොල් මගෙ කන්පෙති වල වද්ද වද්ද එයා කියද්දි මගෙ පිට දිගේ හිරියක් ගියා වගේ මට දැනුනා. මගෙ පපුව දඩ දඩ ගාලා ගැහෙද්දි මෙච්චර වෙලා මගෙ ඉන වටේ හිර වෙලා තිබ්බ එයාගෙ අත් බුරුල් උනා. මං ඉක්මනට හැරුනත් ඒ වෙද්දිත් එයා ලමයි අතරින් නොපෙනී ගිහින් තිබ්බා.
" අපි නම් මොකුත් දැක්කෙ නැතෝ "
සකුල් උඩ පැන පැන නටන ගමන් මට කින්ඩියකුත් දැම්මා..ලැජ්ජයිත් වගේ අප්පා....පැංචාගෙ anti-romantic බෝයිපෙන් අද කීප වතාවක්ම පැංචාව රතු කරා ම්හුක් !!
YOU ARE READING
♥🍓 _Strawberry_ 🍓♥ ( TK Non Fic )
No Ficción" අහලා තියනවද අශස්....තෝඩු තෑගි දෙන්නෙ උරුමක්කාරයො උනාට මල් තෑගි දෙන්නෙ හිමිකාරයෝ කියලා.... " ආරුල් අයියාගෙ වචන වලට මගෙ බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙනවා....එයාගෙ ආදරේ මේ විදිහට දෙනෙද්දි මට බයයි මාව පුපුරයි කියලා.... " මිනිස්සු ආදරේටම විතරක් නෙමෙයි අ...
