6 කොටස 🍓

4.2K 351 55
                                        














" අනේ....මට බයයි බන්...."

" බය වෙන්න අපේ අයියා තෝව ගිලින්නෙ නෑනෙ "

" ඒත් එයා බලයි මං මොකද මේ එකපාරට මෙහෙ නවතින්නෙ කියලා "

" ඒක මං බලාගන්නම් උඹ කටපුක වහන් ඉදපන්කො "

ඔරලෝසුවේ කටුව අටට ලං වෙන්න වෙන්න මූව නලියනවා...සකුල් ඉන්නෙ අපේ අපාට්මන්ට් එකේ....නිරාශා මැණිකෙට කියලා මං සකුල්ව තියාගත්තා පාඩම් වගයක් අහගන්න... හෙ හෙ 😌 පාඩම් අහගන්නමත් නෙමෙයි හැබැයි....දන් නැද්ද ඉතිම්...ඉදලා හිටලා සයිඩ් ජොබ් එකක් විදිහට කපුකමුත් කරනවා මං...මට හරීඊඊඊඊයට ආර්ථික පස්න අප්පාහ්හ්හ්.....

අටට අයියා වැඩ ඇරිලා ආපහු එනවා....මායි සකුයි දෙන්නම ඉව්වා....උයලා ඇග එහෙම හෝදගෙන කාසමයි බැනියමයි දාන් හෝම් වර්ක් කරා....අයියා එනකන් අරූට කන්න බෑ කිව්ව නිසා මාත් ඔන්න ඔහෙ නොකා හිටියා...ඉව් ඉව් මූ දැම්ම ඉදන් සාම්ප්‍රදායික ගෘහණියකගෙ කැරැක්ටර් එක ප්ලේ කරන්න පටන් අරන්ද කොහෙද...අනෙව් ඉතිම් සුදු මහත්තයා එනකන් සුදාම්මි බලන් ඉන්නවා...

ටික වෙලාවකින් මට ඇහුනා අගුල කැරකෙන සද්දෙ...ඒ කියන්නෙ අයියා ඇවිත්....සුපුරුදු විදිහට එයා මුලින්ම එන්නෙ මගෙ කාමරේට නිසා මං සද්ද නැතුව හිටියා. සකුල් මෙච්චර වෙලා කණ්නාඩිය දිහා බල බල හැඩ වෙවී ඉදලා අයියා ආපු සද්දෙ ඇහුන ගමන් දුවන් ඇවිත් ඇදට පැනලා පොතක් දිග ඇරගත්තා... අනේ මුගෙ තනිකරම බොරුව...අයියට කියලා ලකුණක් දාගන්නනෙ ඔය දගලන්නේ

" චූටී.....මොකද අර සාලෙ ලයිට් එකක්වත් දාලා නෑ "

අයියා මගෙ කාමරේ දොර ඇරගෙන ඇතුලට එනගමන්ම කියාගෙන ආවා.... පොත දිහා බලාගෙන හිටිය මං ඔලුව උස්සලා අයියා දිහා බලද්දි අයියගෙ ඇස් තිබ්බෙ සකුල් ලග....

" අහ්හ් සකුල් මල්ලිත් ඉන්නේ.... "

පුදනකොටම කාපි යකා කිව්වාලු....සකුල්ගෙ මූණ දෙක උනා...අනෙව් මට හිනාත් යන්න එනවා...අපේ එකා හායි ගාලා සකුල්ට කටපුරා මල්ලි කියද්දි ඒ දැනුන සහෝදරකම සකුල්ව චප්ප කරලා දාලද කොහෙද ?

" මට අමාරු පාඩම් වගයක් තියනවා...සකුල්ගෙන් අහගන්න මං එයාව අද නවත්තගත්තා.....කමක් නෑ නේද අයියේ "

♥🍓 _Strawberry_ 🍓♥ ( TK Non Fic )Where stories live. Discover now