දින සති හරි ඉක්මනට ගෙවිලා යද්දි ආරුල් අයියයි අපේ අයියයි දෙන්නම ඒලෙවල් නිසා ගොඩක් බිසී උනා. බිග් මැච් එකේ උණුහුමත් ටික ටික අඩු වෙලා ගිහිල්ලා ආයෙත් සුපුරුදු ඒකාකාරී ජීවිතේට අපි හුරුවෙලා තියෙද්දි මගෙයි සකුල්ගෙයි මගෝඩි වැඩ ඇරෙන්න අනික් හැමදෙයක්ම පරණ විදිහටම ගෙවිලා ගියා.
" මේ අහපන්කෝ ලබන මාසෙ kite festival එකට උඹලා එනවද "
" kite festival ?? "
" ඔව් ගෝල්ෆේස් එකේ තියෙන්නෙ "
සෙතුම් කියද්දි මගෙ කට ඕ හැඩේට හැරුනා...ගමේදි නම් අපි අගෝස්තුවේ ඉන්නෙම වෙලේ බැහැලා සරුංගල් ඇර ඇර වෙද්දි කොළඹත් එහෙම සරුංගල් යවන්න පුලුවන් කියලා මං දැනගත්තෙ දැන්.
" අපි පොඩි කාලෙ වෙලේ සරුංගල් යැව්වා මතකද ජේව් "
" ඔව් ඔව්...මං ලොකු හාමුගෙන් හොදට අහගත්තේ උඹව එක්කන් ගියා කියලා "
" අනේ මේ නාකියට පිස්සු...ඒවා ගැන දැන් මතක් කරන්න එපා ජේව් "
" ලොකු හාමු කිව්වෙ කවුද සකුල් "
කළණයි සෙතුමුයි ඩෙස් එකට බර දීලා හෙන උනන්දුවෙන් වගේ අහද්දි සකුල් මං දිහා බැලුවෙ කියන්නද එපාද කියලා අහන්න වගේ
" ලොකු හාමු කියන්නෙ සකුල්ගෙ සීයා කළණ "
" ඉතින් ඇයි උඹ එයාට ලොකු හාමු කියන්නෙ "
" මොකද එයා තමයි අපේ ගම භාර කෙනා "
" ඒ කිව්වේ ග්රාමසේවකද "
සෙතුම් ඇස් ලොකු කරන් අහද්දි මටයි සකුල්ටයි දෙන්නටම හිනා ගියා.
" නෑ නෑ ග්රාමසේවක නෙමෙයි...උඹට මතකද අපිට ඉතිහාසයට උගන්නනවා කුල ගැන "
" අහ්හ් ඔව් අර මංගල කිංකිණියෙ ඇඩ් වල තියෙන්නෙ "
" අන්න හරි "
" ඉතින් ඉතින් කියන්නකො සකුල් "
මුන් දෙන්නට දැන් සකුල්ගෙ සීයා ගැන දැනගන්න හෙන උනන්දුව...මාත් ඉතින් නිකටට අත තියන් ඩෙස් එකට බර වෙලා සකුල් දිහා බලන් හිටියා.
" අපේ සීයා රදලයෙක්...ඒ කියන්නෙ රාජසිංහ රජ්ජුරුවන්ගෙ කාලේ රාජාණ්ඩුවේ පරිපාලනයට සම්බන්ධ උන අය "
YOU ARE READING
♥🍓 _Strawberry_ 🍓♥ ( TK Non Fic )
غير روائي" අහලා තියනවද අශස්....තෝඩු තෑගි දෙන්නෙ උරුමක්කාරයො උනාට මල් තෑගි දෙන්නෙ හිමිකාරයෝ කියලා.... " ආරුල් අයියාගෙ වචන වලට මගෙ බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙනවා....එයාගෙ ආදරේ මේ විදිහට දෙනෙද්දි මට බයයි මාව පුපුරයි කියලා.... " මිනිස්සු ආදරේටම විතරක් නෙමෙයි අ...
