" මීනම්මා.....මුත්තුසාමි මාමා එන්න තව වෙලා යනවද අප්පා......"
" දාය පහු වෙද්දි එනවා තමා පුංචි මාත්තියා....මොකෑ මේ හදිෂ්ෂිය "
" ම්හු !! මං ඒක මුත්තුසාමි මාමාටම කියන්නම්කො "
" ශරි ශරි....උඹලෑත් අලි කෝලම් තමා පුංචි මාත්තියා "
මුත්තුසාමිගෙ ගෙදර ඉස්සරහා කෑල්ලට වෙලා මීනම්මා දුන්න වඩේ එක කන ගමන් තේත් බිබී අශස් පාර දිහා බලන් හිටියෙ මුත්තුසාමි එනකන්....ආරුල් උදෙන්ම ස්කෝලෙ ගියා නේ....දියා නංගියි දේවාශුයි ධනුෂ් මල්ලියිත් ස්කෝලෙ ගිහින්.... අලුතෙන් ආපු ධීර් අයියගෙ මනමාලි නම් ගේ ඇතුලෙ ඉන්නවා අශස් යාන්තමට වගේ දැක්කා....ඒ උනාට එයාව යාලු කරගන්නවට වඩා ලොකු වැඩක් කොල්ලට තියනවනේ....
" ආආආ පුංචි මාත්තියා....වඩේ කනවා වගෙ "
" අපි නම් දන් නෑ තමා ඕන් ඔයා එනකන්නෙ මේ බලන් ඉන්නෙ පුංචි මාත්තියා "
" මං එනකන්....අඩෙයප්පා....ඒ මොකද ඒ....ඈ පුංචි මාත්තියා කඩචෝරුවක්වත් කන්න හිතුනද "
" නෑ අයියෝ....ඔයා ඔය දැල් ටික තියලා මෙහෙන් වාඩි වෙන්නකො "
පාන්දර මූදු ගිය මුත්තුසාමි උස්සන් හිටිය මාදැල් ටික වැලි මිදුලෙ කෙලවරකට දාලා අත පය චුට්ටක් හෝදගෙන ගේ ඇතුලට ආවා.
" ඕන්න මං ආවා.. මොකක්ද කාරණාව කිව්වනම් "
" මුත්තුසාමි මාමා.... "
" මට තුදු අයියව බදින්න ඕනා "
හරි බරි ගැහිලා පුටුවෙන් ඉදගත්තු අශස් හරි උනන්දුවෙන් කියද්දි අශස් ඉස්සරහා ඉදන් උන්න මුත්තුසාමි ඔලුව උස්සලා දොරකඩ හිටන් ඉන්න මීනම්මා දිහා බැලුවා.
" ධීර් අයියා බැන්දේ.....අන්න ඒ විදිහට....මටත් කෝවිලේදි එයාලා කරපු චාරිත්ර කරලා කසාද බදින්න ඕනා "
" අර තාලියක් බදින්න...නලලේ කුංකුම ගාන්න තව මින්චියක් දාන්න....."
" පුංචි මාත්තියා විහිලු කරනවා "
" විහිලු නෙමේ අයියෝ.......මට බදින්න ඕනමයී !!!!! "
" අඩෙයප්පා....පුංචි මාත්තියා අපේ දියා කෙල්ලටත් වඩා පොඩි එකෙක් වගේනෙ.....කෂාද බදින වයසක් ද "
YOU ARE READING
♥🍓 _Strawberry_ 🍓♥ ( TK Non Fic )
No Ficción" අහලා තියනවද අශස්....තෝඩු තෑගි දෙන්නෙ උරුමක්කාරයො උනාට මල් තෑගි දෙන්නෙ හිමිකාරයෝ කියලා.... " ආරුල් අයියාගෙ වචන වලට මගෙ බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙනවා....එයාගෙ ආදරේ මේ විදිහට දෙනෙද්දි මට බයයි මාව පුපුරයි කියලා.... " මිනිස්සු ආදරේටම විතරක් නෙමෙයි අ...
