" යෝහ් !!!! දේව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව් "
" කොහෙද යකෝ මෙච්චර දවස් ගිහින් හිටියේ....."
" ගොන් බල්ලා...අපි උඹ නැතුව පාලුවෙන් ඕයි හිටියෙ "
සකුල් එක්ක පන්තියට ආවා විතරයි අශස්ව දැක්ක කළණයි සෙතුමුයි දුවගෙන දුවගෙන ඇවිත් අශස්ව බදාගත්තා....
" බෙල්ල හිරවෙයි යකො "
" හිර වෙච්ච දෙන්... හරි නම් උඹ එක්ක තරහා වෙන්න ඕනා...කෝල් කීයක් නම් ගත්තද අපි "
" මං ඊයෙ තමා පෝන් එක අතට ගත්තෙත් සෙතුම්...මිස් කෝල් නම් දැක්කා උඹලා දෙන්නගෙන් හෙනට ඇවිත් තියෙනවා "
" දැක්කා නම් ආපස්සට කෝල් බැක් කරන්න එපෑ... ගල් මූසලයා 😒 "
අශස්ගෙ ඔලුවට පාරක් ගහලා කළණ කිව්වම අශස් හිනාවෙවී ගිහින් එයාගෙ මේසෙ උඩින් බෑග් එක තියලා පුටුවෙන් ඉදගත්තා.සකුල් ආපු ගමන්ම උගෙ ඩියුටි වලට ගිය නිසා සෙතුම්ගෙයි කළණගෙයි ප්රශ්න වලට උත්තර දිදීම සකුල්ගෙ බෑග් එකෙන් මීඩියා පොත අතට අරන් දිග ඇරගත්තු අශස් එයාට මිස් උන නෝට්ස් චෙක් කරන්න පටන් ගත්තා.
" මට නම් මෙ කෙහෙල්මල් ඩියුටි ඇති වෙලා තියෙන්නෙ බන්.....බලහන්කො හරියට කන්නවත් නෑනෙ "
" ඔහොම නම් හරි යන් නෑ සකුල් විසල් අයියගෙ ගැම්ම ගන්න ගැම්ම ගන්න ගැම්ම ගන්න "
" ඒ සිරාවටම බං මට හිතාගන්න බෑ එයා කොහොමද මේවා කරේ කියලා....අපේ සුදු අයියයි විසල් අයියයි ඒ අතින් ගත්තාම යක්කු දෙන්නෙක්නෙ "
එසෙම්බ්ලි එකත් ඉවර වෙලා ස්කෝලෙ වටේ ඇවිදලා ආපු සකුල් හති දාන ගමන් එයාගෙ පුටුවෙන් ඉදගෙන ටයි එක බුරුල් කරගත්තා.
" මාර නෝට් ගොඩක්නෙ බන් තියෙන්නෙ මට ලියන්න....ආහ්හ්හ්හ් මගෙ අත කැඩෙයි මෙහෙම ගියොත් "
" ඉතින් යකෝ උඹ දවස් කීයක් ආවෙ නැද්ද...මෙහෙ මිස්ලා පණ දාන් ඉගැන්නුවා "
සෙතුම් අශස්ගෙ ඩෙස් එක ඉස්සරහා පුටුවෙන් ඉදගෙන ඩෙස් එකට නිකට තියන් කියද්දි අශස් මූණ ඇද කරන් ආපහු පොත දිහා බලාගත්තා.
YOU ARE READING
♥🍓 _Strawberry_ 🍓♥ ( TK Non Fic )
Non-Fiction" අහලා තියනවද අශස්....තෝඩු තෑගි දෙන්නෙ උරුමක්කාරයො උනාට මල් තෑගි දෙන්නෙ හිමිකාරයෝ කියලා.... " ආරුල් අයියාගෙ වචන වලට මගෙ බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙනවා....එයාගෙ ආදරේ මේ විදිහට දෙනෙද්දි මට බයයි මාව පුපුරයි කියලා.... " මිනිස්සු ආදරේටම විතරක් නෙමෙයි අ...
