" ජේව් කොහෙද සෙතුම් "
" මොකක්ද සකුල් උඹලට මේ වෙලා තියෙන්නේ....අර සනුකයාට පිස්සු හැදිලද අපේ දේව්ට ඇවිත් වෙඩින් කාඩ් එකක් දුන්නෙ "
" මො...මොකක්... "
" ආරුල් අයියායි ඌයි බදිනවලු... මොන විහිලුවක්ද යකෝ ඒ.... ආරුල් අයියා දේව්ට පණ ඇරලානෙ එහෙම එකේ සනුකයාව බදීද "
" ජේව් කොහෙද ගියේ කියපන්කෝ....මං උබලට වෙන වෙලාවක පැහැදිලි කරන්නම් බන් ප්ලීස් ජේව් කොහෙද ගියේ කියපන්කො "
" සනුකයා ඇවිත් වෙඩින් කාඩ් එකක් දීලා ගියාට පස්සෙ ඌ මේ බෑග් එකත් දාලා දිව්වා සකුල්....අපි කතා කරාටවත් නැවතුනේ නෑ "
" දිව්වා....ඒ කොහාටද "
කළණයි සෙතුමුයි මූණට මූණ බලාගද්දි කොන්ඩෙන් ඇදගත්ත සකුල් පන්තියෙන් එලියට දුවන් ආවා. රූහි තාමත් ස්ටෝර් රූම් එකේ....දැන් ගාථා කියලත් ඉවර නිසා ස්කෝලෙ ලමයි ඔක්කොම ගියාම රූහිව කාටවත් පේන් නැති වෙන්න එලියට ගන්න සකුල්ට පුලුවන්....
ඒ උනාට දැන් අශස් කෝ ??
සනුකගෙ කාඩ් එක දැක්ක අශස් කොහාටද දිව්වේ...
" ඔයාට එහෙම කරන්න බෑ තුදු අයියේ...ඔයාට සනුකව බදින්න බෑ....."
කවුරුත්ම නැති ස්කෝලෙ පූල් ඒරියා එකේ පැවිලියන් එකට වෙලා අශස් හිනෙකින්වත් අහන්නවත් දකින්නවත් අකමැති උන ඒ සිදුවීම ගැන කල්පනා කරා. මෙච්චර දවසක් අඩලම හිතින් වැටිලා උන්න අශස් තවත් අඩන්න බැරිකමට එයා එක්කම කතා කරන ගමන් එයාගෙ ප්රශ්න වලට උත්තර හොයද්දි අශස්ට දැනුනා එයා ලගින් කවුරු හරි වාඩිවෙනවා වගේ...
" ඒක ඇත්ත....එයාට බෑ වෙන කෙනෙක්ව බදින්න "
ගැස්සිලා ගිය අශස්ගෙ කදුලු පිරුණ බෝල ඇස් දෙක ජිල් බෝල සයිස් වෙද්දි එයාට එහා පැත්තෙන් ඉදගත්තු ඒ කෙනා අශස් දිහා බලලා හරි නිවුන විදිහට හිනා උනා.
" බැදපු කෙනෙක්ට ඩිවෝස් නොවී ආයෙත් බදින්න පුලුවන් කියලා නීතියක් මං දන්න තරමින් නෑ "
" ඔ...ඔයා කො...හො...ම...ද...... ඒක ද...න්නෙ "
" මං හුගක් දේවල් දන්නවා මැණිකේ "
YOU ARE READING
♥🍓 _Strawberry_ 🍓♥ ( TK Non Fic )
Nonfiksi" අහලා තියනවද අශස්....තෝඩු තෑගි දෙන්නෙ උරුමක්කාරයො උනාට මල් තෑගි දෙන්නෙ හිමිකාරයෝ කියලා.... " ආරුල් අයියාගෙ වචන වලට මගෙ බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙනවා....එයාගෙ ආදරේ මේ විදිහට දෙනෙද්දි මට බයයි මාව පුපුරයි කියලා.... " මිනිස්සු ආදරේටම විතරක් නෙමෙයි අ...
