5 කොටස 🍓

4.3K 368 50
                                        




ඊයෙ මං අයියත් එක්ක ගෝල්ෆේස් ගියා...හවස් වරුවම මහ මුහුද දිහා බලාගෙන අයියයි මායී කියො කියෝ හිටියා..අයියා අම්මා ගැන ගොඩක් දේවල් ඇහුවා....අම්මා නැතුව අයියට ගොඩක් පාලුයි කිව්වා.... අයියා ආපහු ගමට ආවෙ නැති එකට හේතුවක් තිබුනලු...ඒ මොකක්ද කියලා මං ඇහුවට අයියා කිව්වෙ හරි කාලෙ ආවහම උඹ හැමදෙයක්ම දැනගනී චූටි කියලා විතරමයි.

මං ශේප් එකෙ අයියගෙන් ආරුල් අයියා ගැනත් ඇහුවා. අයියා මට කිව්වේ එකම එක දෙයයි

" උඹට සකුල් වගේ ආරුල් තමයි උඹයි අම්මයි ඇරුනම මට මේ ජිවිතේ වටිනම මනුස්සයා...ඌ මගෙ හොදම යාලුවා විතරක් නෙමේ ඌ තමා මගෙ හයිය "

ඊට එහා අයියා මට කිසිම දෙයක් කිව්වෙ නෑ....මගෙ වදෙන් බේරෙන්න බැරිම තැන අයියා ඇහුවා ඔච්චරටම ආරුල් ගැන අහන්නෙ උඹටත් ස්කෝලෙ උන්ගෙ ලෙඩ බෝ උනාද කියලා....

අනෙව්ව්...මට ඇති ලෙඩක් නෑ අප්පාහ්...නිකම්නෙ ඇහුවෙ දැනගන්න....පුහ්: අහන්නම එක්කෙනානෙ එයා...ඊට පස්සෙ මං ආරුල් අයියා ගැන ඇහුවේ නෑ...අයියාත් මොකුත් කිව්වෙ නෑ....අපි දෙන්නා කියො කියො ඉදලා රෑ වෙලා ගෙදර ආවා...එනගමන් මගින් කාලා ආපු නිසා ආපු ගමන්ම ඇග හොදන් ඇදට පැන්නා විතරයි මතක....මට සුටුස් ගාලා නින්ද යනවා අනෙහ්...

මං දැන් ඉන්නෙ මීඩියා පීරියඩ් එකේ ඉගන ගන්න ගමන්...ඊලගට නැටුම් ඩබල් පීරියඩ්....මං හරි ආසයි ඒ පීරියඩ් එකට...ඒත්...අනේ මන්දා...මට මහ අමුතු දුකක් දැනුනා...කොච්චර හිතන්නෙ නෑ කිව්වත් මට ඒකම මතක් වෙනවා...අනේ මටත් වෙස් තියන්න පුලුවන් උනා නම්......

බෙල් එක ගැහුවට පස්සෙ සකුල් කළණ එක්ක මියුසික් වලට ගියා...මම සෙතුම් එක්ක නැටුම් වලට ගියා. සපත්තු ගලවලා නැටුම් කාමරෙ ඇතුලට ගියාට පස්සෙ අපි පෝලිමට බිමින් ඉදගත්තා.

මිස් ඇවිත් පාඩම පටන් ගත්තට පස්සෙ මගෙ සම්පූර්ණ අවධානෙ මං පාඩමට දුන්නා. මොනා කරන්නත් කලින් ඉගෙන ගෙන ඉන්න ඕනා කියලා මේ වෙද්දිත් මගෙ හිතට තදින්ම වැදිලා තිබ්බේ...නැටුම් වලින් පස්සෙ තිබ්බෙ ඉන්ටවල් එක වෙද්දි පීරියඩ් දෙකම අවසානෙ මිස් ටිකක් වේලාස්සනින් පාඩම නැවැත්තුවා.

♥🍓 _Strawberry_ 🍓♥ ( TK Non Fic )Where stories live. Discover now