" තූතියෝ....අපූ ඔයා තැලිලාත තූතියේ "
පුරුද්දක් විදිහට හැමදාම උදේට සහස් පොවන කිරි එකත් බීලා හොදට බණ්ඩිය පුරවන් නිදන් ඉන්න අශස්ගෙ කාමරේට දුවන් එන තුහිනු බබා වෙනදට කකුල් අත පය දිග ඇරන් ගෙම්බා පොලේ ගැහුවා වගේ නිදන් ඉන්න එයාගෙ චූටි බාප්පිව එයාටත් වඩා ලොකු අලුත් මාමා කෙනෙක්ට යටවෙලා කියලා දැක්කා විතරයි පොඩි කොල්ලා කෑ ගහන්න ගත්තා.
ඇදට නැගගන්න උස නැති උනත් බිම ඉදන් ඇදේ එල්ලිලා යටවෙලා ඉන්න අශස්ගේ බැනියමකින් අදිද්දි ඒ සද්දෙට නිදන් උන්න ආරුල්වයි අශස්වයි දෙන්නවම ඇහැරුනා.
" තූති.......තුල් බබා තූතිව බේලගන්නම්....ඩිසුම් ඩිසුම්....පාප්පි මදෙ ඩිසුම් ඩිසුම් එත ගේල්ලෝ "
යුගාන්ගෙම පුතානේ....පොඩ්ඩ එහාට මෙහාට වෙන්න බෑ කොල්ලගෙ සෙල්ලම් තුවක්කුව අරන් තමා අනික් අයට සැර දාන්නේ....කොටින්ම සහස් පවා පොඩ්ඩක් සැර කරොත් සෙල්ලම් බඩු දාලා තියන කූඩෙන් තුවක්කුවක් අරන් ඇවිත් උස්සගන්නත් බැරුව වෙඩි තියන්න හදනවා.
" මගෙ රෝස මල....මොකද අප්පේ මේ උදේ පාන්දර කෑ ගහන්නේ "
කන අස්සෙ මී මැස්සෙක් වගේ කෑ ගහන කොල්ලා නිසා ඇස් පොඩි කර කර ඇස් ඇරිය අශස් චුට්ටක් ඉස්සිලා ඇග උඩින් ගිහින් තිබ්බ ආරුල්ගෙ අත අයින් කරලා බිම උන්න කොල්ලව උස්සලා අරන් බඩ උඩින් තියාගත්තා.
" තූතියේ....කාත මේ ලුකු හොලා...මදෙ තූතිව තැලුව හොලා "
අශස්ගෙ කටහඩත් එක්කම තව හුරතල් පොඩි එකෙක්ගෙ කටහඩක් ඇහෙනවත් එක්ක ඇස් පියන් උන්න ආරුල් ඇස් ඇරලා අශස් දිහා බැලුවත් අශස්ගෙ බඩ උඩ උන්න පුංචි කොල්ලා දැක්කා විතරයි ගැස්සිලා ගිහින් ඇදෙන් ඉදගත්තා.
" අශස්....ක....ක...කවුද මේ පොඩි එකා "
" තුල් බබා....ලුකු හොලෝ....මදෙ නම තුල් බබා "
බුහ් ගාලා අශස්ව බදාගත්තු පුංචි කොල්ලා අශස්ගෙ බෙල්ල අස්සෙ මූණ ගහන් ආරුල් දිහා බලලා කියද්දි ආරුල්ගෙ හීනි ඇස් ජිල් බෝල සයිස් උනා.
" ක...වුද මෙ අශස්...."
" වෙන කවුද....මගෙ රෝස මලනේ මේ....නේද වස්තූ "
YOU ARE READING
♥🍓 _Strawberry_ 🍓♥ ( TK Non Fic )
Non-Fiction" අහලා තියනවද අශස්....තෝඩු තෑගි දෙන්නෙ උරුමක්කාරයො උනාට මල් තෑගි දෙන්නෙ හිමිකාරයෝ කියලා.... " ආරුල් අයියාගෙ වචන වලට මගෙ බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙනවා....එයාගෙ ආදරේ මේ විදිහට දෙනෙද්දි මට බයයි මාව පුපුරයි කියලා.... " මිනිස්සු ආදරේටම විතරක් නෙමෙයි අ...
