45 කොටස 🍓

2.2K 191 101
                                        







දවස් එකින් එක ගෙවිලා ගියේ ටික ටික අපිට ස්කෝලෙ නිවාඩුව ලැබෙන ආරුල් අයියලට exam මාසෙ පටන් ගන්න දවසත් ලං කරලයි...මේ කාලේ ඇතුලත විශේෂ දෙයක් නොවුනට මගෙයි ආරුල් අයියගෙයි පුංචි පුංචි මෝඩ වලි , සකුල්ගෙ විකාර වැඩ , සහස් අයියගෙ මේ පටන් අරන් මේ ඉවර වෙන යුගාන් අයියා අහන බැනුම් වගේම ආරුල් අයියගෙ කැමැත්තත් එක්ක මගෙ නෑනා පොඩ්ඩට ලැබුන අලුත් ආදරේත් එක්ක දවස් ගෙවුණා.

අද තමයි ආරුල් අයියගෙයි අපේ අයියගෙයි පාසල් ජීවිතේ අවසාන දවස !!

වෙනදට ස්කෝලෙ තියන අමුතු හැගීම අද මැලවිලා ගිහිල්ලා වගේ...අයියලා ඔක්කොගෙම මූණවල් වල මොකක්දෝ අමුතු දුකක් පිරිලා.... එහෙම වෙන්න ඕනනේ මේ ස්කෝලෙ ඇතුලෙ එයාලට කොයිතරම් නම් මතක කන්දක් ඇතිද ?

" අයියලා ගියාම අපිට බනින්නෙවත් කවුද බන් "

" ඈ යකෝ උඹට බැනුම් අහන්නද ඕනා දැන් "

" නෑ ඉතින්...එහෙම නෙමෙයි...ඒ උනාට හිතපන්කෝ ආරුල් අයියලා විසල් අයියා යසිරු අයියලා සයුරු අයියලා එහෙම මේ ස්කෝලෙ කරපු දේවල් ඊලගට කරන්න ඕනා අපිනෙ "

කළණයා ඩෙස් එකටත් ඔලුව ගහන් කියෝනවා....අයියලට විතරක් නෙමේ අනේ අපිටත් හෙන දුකයි....ම්හු දැන් ඉතිම් මං කම්මැලි හිතුන වෙලාවක , නැත්තන් කැන්ටිමෙන් කන්න හිතුන වෙලාවක කාව හොයාගෙනද යන්නේ....අයියත් නෑ ආරුල් අයියත් නෑ....

13 අයියලට ඉන්ටවල් එකෙන් පස්සෙ පාර්ටි එකක් තිබ්බා...පාර්ටි එකක් කිව්වේ එයාලට උගන්නපු ගුරුවරුන්ට තෑගි බෝග දීලා පොඩි සංග්‍රහයක් තිබ්බ උත්සවයක්....

දොළහා විතර වෙද්දි මම අපේ ක්ලාස් එකට දැක්කා ආරුල් අයියලගෙ බිල්ඩින් එක පැත්තෙන් මිස්ලා දෙතුන් දෙනෙක් ස්ටාෆ් රූම් එක පැත්තට යනවා...ඒ කියන්නෙ පාර්ටි එක ඉවරයිනේ...මං ඉතින් සකුල්වත් ඇදගෙන 13 maths එකට ගියා අයියලා ටිකට සුභ පතන්න.

" විසල්...අන්න උඹලගෙ මල්ලි ඇවිල්ලා "

මං ක්ලාස් එකට ආවා විතරයි එක අයියෙක් කෑ ගැහුවා...ආරුල් අයියගෙ ක්ලෝස්ම ක්ලාස්මේට්ලා සෙට් එක...උන් හිටියෙ වෙනදා පිලිවලට යට කරලා අදින ශර්ට් කලිසම උඩින් දාගෙන ඩෙස් එකකට තඩි බබා හොදට සින්දු කිය කිය වෙද්දි මම හිනා වෙලා අයියා ඉන්න දිහාට ගෑටුවා...සකුලුත් එක්කම...මුන් මෙහෙම හිටියට සමහරු ඇමති පුත්තු , සමහරු හමුදා ලොක්කන්ගෙ පුත්තු , සමහරු ලොකු බිස්නස්මන්ලගෙ පුත්තු.....ඔක්කොම ලොකු ලොකු සල්ලිකාරයො තමා....

♥🍓 _Strawberry_ 🍓♥ ( TK Non Fic )Where stories live. Discover now