43 කොටස 🍓

2.2K 181 49
                                        













" අනේ ඔලුව රිදෙනවා ලොකූගෙ තාත්තේ "

" රිදෙන් නැතුව තියෙයි ඈ කරලා තියන හපන්කම් වලට.... ගෙවල් වලින් දැනගත්තොත් එහෙම මාත් එක්ක ඉවරයි "

ඇසුත් පොඩි කර කර පඩිපෙල් බැහැන් කිචන් එක දිහාට ආපු මට යුගාන් අයියගෙ තාත්තාගෙ කටහඩ සද්දෙන් ඇහුනා. මං කිචන් එකට යද්දි සකුල් , අපේ අයියා , යුගාන් අයියා , සහස් අයියා , ආරුල් අයියා ඔක්කොම කෑම මේසෙ වටේට ඉදගෙන මොනවද බොනවා....

" අශස් "

සරාස් ගාලා පුටුව පස්සට කරලා ආරුල් අයියා අඩියට දෙකට මං ලගට ආවම මං තඩිම තඩි ඈනුමකුත් ඇරලා එයා දිහා බැලුවා.

" මේ ලමයා විතරයි බේබද්දො රෑන මැද්දෙ හරියට හැදෙන්නේ.... "

මගෙ මූණට වැටිලා තිබ්බ කොන්ඩ කෑලි කන පිටිපස්සට කරන ගමන් උන්න ආරුල් අයියා දිහා බලන් උන්න මට යුගාන් අයියගෙ තාත්තාගෙ කටහඩත් ඇහුනා.

" රූම් එකට යන්න....වොශ් එකක් දාගන්නකො "

" පස්සේ දා- "

" නෑ නෑ...කෝ යන්න මම එන්නම් අප්පච්චිගෙන් බ්‍රෂ් එකක් ඉල්ලන් "

" අනේ අයි-"

" කිව්වම අහලා යන්න අශස් "

රහසින් වගේ ආරුල් අයියා කියද්දි මං නිකන් මේ මොකත මේ වගේ එයා දිහා බලන් ඉදලා ආපහු කාමරේට යන්න හැරුනේ මොකුත් හිතාගන්න බැරුව. ඒ අස්සෙ නිදිත්මතයි අප්පා....තව ඩිංගිත්තක් නිදාගන්නත් හිතෙනවා.

මං වැනි වැනි කම්මැලිකමේම නිදන් හිටිය කාමරේට ගිහින් දොහ් ගාලා ඇදට වැටුනා නිකන් ගහක් කඩන් වැටුනා වගේ...

" ම්ම්ම්ම් දැනෙන සනීපේ "

මෙට්ටෙට තද වෙලා තියන මූන හුම්ම ගන්න පුලුවන් වෙන්න පැත්තට හරවලා මං ඇස් දෙක පියාගෙනම තව ටිකක් නිදාගන්න ට්‍රයි කරත් එකපාරට මතක් උන දෙයක් නිසා මම දුන්න ගැහුවා වගෙ කෙලින් උනා.

" ආහ්....කෝ ඒක "

මං කෙලින්ම මගේ පී පී තාරාව උඩට අත තියලා බැලුවා...යකෝ සිවිල් පිට නේද ඉන්නෙ...ආඅහ්හ්හ් කෝ මගෙ යටකාසම....මොන විලි ලැජ්ජාවක්ද ජෙයියනේ මේ උනේ...මම එතකොට පහලට ගියේ ඝන්ටාරෙ හොල්ල හොල්ල ද ?

♥🍓 _Strawberry_ 🍓♥ ( TK Non Fic )Where stories live. Discover now