" මොකෝ කෙල්ල කියන්නේ "
" එයාව දාලා ට්‍රිප් ගියා කියලා නහයෙන් අඩන්නේ... "
" ජගත් හාමු නොහිටියා නම් එක්කන් එන්න තිබ්බා...පව් කෙල්ල ගෙදරට කොටු වෙලා "
" ඊලග පාර මෙහෙට එන්න හම්බුනොත් අපි රූහිවත් එක්කන් එමු "
" හම්බුනොත් නෙමෙයි හම්බෙනවා පොඩී.... අපි හැමෝම මෙහෙ තමයි ඉන්නේ....මම අශස් ඔයා ප්රමෝධ ලොකූ සහස් අයියා රූහි අපි ඔක්කොම ඉන්නෙ මෙහෙ "
" එක්කෙනෙක් අමතක උනා "
ආරුල්ට විශ් කරන්න කෝල් කරපු රූහිත් එක්ක කතා කරලා ආපහු සමර් හට් එකට ආපු ආරුල් කියද්දි යුගාන් කිව්ව දේ එක්ක ආරුල් හැරුණේ යුගාන් පැත්තට.
" තාන්වී...."
" අප්පාහ් ඔව්.... අපේ රූහිට දැන් තාන්වි අක්කාව නැතුව බත් ගිලෙන්නෙත් නෑ "
සකුල් හිනාවෙවී කිව්වේ ඇත්තටම ඒක එහෙම හින්දා....
කෙල්ලට කවන්නත් තාන්වී තකහනියක් ගෙදර දුවන් එන්න ඕනා...
කතාවෙන් කතාව වයින් එකත් එක්ක බයිට් ටිකත් ඉවර වේගන යද්දි ආරුල් සැරින් සැරේට බැලුවේ අද මොකද අශස්ගේ කටර් කට වැහිලා තියෙන්නෙ කියලා හිතාගන්න බැරුව....
තනියම විශ් කරේවත් නෑනේ !!
ආරුල්ට හරි ප්‍රශ්නේ !!
" නිදිමතයිද චූටි "
" අ..හ්...මොකක්ද...ඔව් ඔව්....ටිකක් නිදිමතයි වගේ"
" එහෙනම් කට්ටියම යමුද නිදාගන්න ....දැන් එකත් පහු වෙලා....සුදු මල්ලි...මේ ටික අස්කරන්න පොඩ්ඩක් උදව් කරන්නකෝ "
හිස් වෙලා තියන ග්ලාස් එකතු කරන ගමන් සහස් හැමෝටම හොරෙන් අශස්ට ඇහැකුත් ගහලා ආරුල්ව උදව්වට ගද්දි අශස් කරේ හොරා වගේ බිම බලාගත්තු එක...
ම්හුක්!! ලැජ්ජයිනෙ අප්පාහ්
" ජේව්ව්ව්ව්ව්ව්ව්ව්ව්.....මට නම් පට්ටම නිදිමතයි කොල්ලෝ වැඩිය කෑ ගහන්න එපා හොදේ "
පුටුවෙන් නැගිට්ට සකුල් අශස්ගෙ කරටත් අත දාන් බංගලාව ඇතුලට යනගමන් කියද්දි අශස් කරේ මිට මොලවලා සකුල්ගෙ පිටට එකක් ගහපු එක
YOU ARE READING
♥🍓 _Strawberry_ 🍓♥ ( TK Non Fic )
Nonfiksi" අහලා තියනවද අශස්....තෝඩු තෑගි දෙන්නෙ උරුමක්කාරයො උනාට මල් තෑගි දෙන්නෙ හිමිකාරයෝ කියලා.... " ආරුල් අයියාගෙ වචන වලට මගෙ බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙනවා....එයාගෙ ආදරේ මේ විදිහට දෙනෙද්දි මට බයයි මාව පුපුරයි කියලා.... " මිනිස්සු ආදරේටම විතරක් නෙමෙයි අ...
