පළමු මන්දාරම 🍁

7.2K 403 41
                                    

________________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

________________________________________________________________

" ඩොක්ටර් මිහික.. ඉමර්ජන්සි කේස් එකක් ඩොක්ටර් ට ඉක්මනට එන්න කිව්වා .."

මට අයිති කැබින් එකට වෙලා පේෂන් කෙනෙක්ගේ රිපෝට් එකක් චෙක් කරන ගමන් හිටිය මගෙ අවධානය බිදිල ගියෙ කැබින් එකේ දොර ලග හිටගෙන හිටිය නර්ස් කෙනෙක් ගෙ කටහඩට ..

" හරි මං එන්නම් .. තියටර් එක රෙඩි කරන්න.. "

ෆයිල් එක වහල ටේබල් එක උඩින් තියන ගමන් මම කියද්දි අර නර්ස් යන්න ගියෙ අවශ්‍ය දේවල් සූදානම් කරන්න ..

දැන් ඔයාල බලනවද මේ ඩොක්ටර් මිහික කියන්නෙ කව්ද කියලා .. ඩොක්ටර් මිහික කියන්නෙ ඉතින් මට තමයි .. මගේ නම මිහික සයාෂ් දසනායක ( Taehyung ) ..

එතකොට මම ශෛල්‍ය වෛද්‍යවරයෙක් .. කොළඹ ජාතික රෝහලට අනුයුක්තව සේවය කරන .. වයස කීයද කියල ඇහුවොත් මට වයස 24යි .. ශෛල්‍ය වෛද්‍යවරයෙක් කියල කිව්වම හිතුවෙ හෙන නාකි ඩෑල් එකක් කියල නේද කෙල්ලනෙ .. පුහ් පිස්සුද මං නාකි නෑ .. තරුණ , දක්ෂ වගේම හැන්ඩ්සම් කොල්ලෙක් මං .. ඒ වුනාට අපෙ මැණිකෙ නම් කියන්නෙ මට ගැලපෙන්නෙ කඩවසම් නෙමෙයි ලස්සනයි කියන වචනෙලු .. අනේ මන්දා ඉතිම් ඒ කොහොම වුනත් මට පැණි හලන කෙල්ලොන්ගෙන් නම් අඩුවක් ඇත්තෙම නෑ .. ඔයාලට කියන්න කෙල්ලනෙ මේ හොස්පිට්ල් එකේම ඉන්නවා මහ සේනාවක් මං වෙනුවෙන් හීන දැක දැක .. නොකිව්වට මං දන්නවා ඔය පැත්තෙත් බර ගාණක් මට පැණි හලනවා කියලා .. හා නැද්ද ..?

අනා...! පැන්නා නේද පිට .. අනෙ ඇත්තට අපෙ මැණිකෙ කියන කතාවත් ඇත්ත තමයි .. එයත් ගොඩක් වෙලාවට මට කියන දෙයක් තමයි " කොච්චර ඉගෙන ගෙන ඩොක්ටර් කෙනෙක් වුනත් මේ කොල්ලට දෙයක් කියද්දි ඒ දේන් පිට පනින ලෙඩේට බෙහෙතක් ගන්න අමතක වෙලානේ " කියන එක .. අනේ මන්දා ඉතිම් .. හරි දැන් අපි කොතනද හිටියෙ ..

මන්දාරම් අහස යට || TK Nonfic ♡ Where stories live. Discover now