හතළිස් හතරවන මන්දාරම 🍁

2.6K 360 118
                                    

____________________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

____________________________________________________________________

" මීණු .. කෝ අද නැගිටින්නෙ නැද්ද මගෙ කම්මැලි කොල්ලා .."

" නැගිටින්න නැගිටින්න හතටත් ලගයි වෙලාව.. අම්මි වැඩට යන්නත් ඕනි .."

අලුත් සතියක පටන් ගැන්ම එක්ක අද සඳුදා දවසක් .. වෙනද වගේම තමයි කාර්යබහුලයි ලෙසටම .. ඊයෙ ඉරිදා නිවාඩු දවසෙ ගෙදර ඉදලා අද ඉදන් ආයෙම වැඩට යනවා කියන්නෙ ඉතින් මරනවා වගේ වැඩක් ..
ම්හුක්.. හරි කම්මැලී අනේහ් මේ ලමයට ..!

කොහොම කම්මැලි හිතුනත් වැඩට යන්නත් ඕන නිසා එලාම් එකට මං නැගිට්ටට මොකද ඊලගට මට කරන්න තියෙන්නෙ අමාරුම වැඩක් .. මේ දැනුත් මං ඉන්නෙ ඒ වැඩේට අත ගහලා ..

" මීණු .. කෝ ඉතින් නැගිටින්න පුතා.."

රෑට නිදාගනිද්දි හරියට නිදාගත්තට මොකද දැන් වෙද්දි මගෙ කොල්ලා ඉන්නෙ ඇදේ හරහට නිදාගෙන .. බඹර චක්‍ර කැරකෙනවා වගේ නින්දෙන්ම ඇදේ එහෙට මෙහෙට කැරකිලා එයාගෙ ප්ලශී දෙන්නවත් බදාගෙන හොදට නිදි .. පොරවල තිබුන ශීට් එක කොහෙද කියල හොයාගන්නත් නෑ ..
මං මෙච්චර කතා කරනවා මේ කොල්ලා මීක් සද්දයක් නැතුව තාම හොදට නිදිනෙ ඇත්තට ..

" හොර කොල්ලා .. ඔය ඇති නිදාගත්තා .. ම්ම් යමු යමු .."

මං කතා කරත් කිසි සද්ධයක් නැතුව තාමත් නින්දෙ ඉන්න මීණු නැගිටින්නෙම නැති තැන එයා බදාගෙන හිටිය ප්ලශී දෙන්නවම එයාගෙන් අයින් කරල පුතා නින්දෙ ඉද්දිම මං එයාව උස්සල වඩාගෙන ඇදෙන් නැගිටලා බාත්රූම් එක ඇතුලට ගියෙ ඒ යන ටිකටත් මීණු මුණු මුණු ගගා මගේ උරහිසට ඔලුව තියාගෙන නින්නදත් නොනින්දත් අතරෙ ඉද්දි ..
පුදුම නින්දක් තමයි මේකත් .. බලාගෙන ගියාම අලි කම්මැලියෙක්නෙ මේ කොල්ලා .. මේ කාලෙ මෙහෙමනම් තව ටික කාලෙකින් ඉස්කෝලෙ යන්න පටන් ගත්තම මීණුව ඇහැරවනවා කියන්නෙ මගෙ හොද පණ යනව වගේ වැඩක් වෙයි .. මේකනම් හරියන්නෙ නෑ හෙට ඉදන්ම මොනාහරි කරන්න ඕන කලින් නැගිට්ටවගන්න ..

මන්දාරම් අහස යට || TK Nonfic ♡ Where stories live. Discover now