තෙවන මන්දාරම 🍁

2.8K 328 44
                                    

_______________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


_______________________________________________________________

මිහික කාමරෙන් එලියට එද්දි මූණට මුණ ගැහුනෙ උදෙන්ම ජොගින් ගිහින් එන ආකාශ්ව .. කලු පාට බොටම් එකකට කලු පාටම ආමි කට් එකක් ඇදගෙන හිටිය ආකාශ්ගෙ එක අතක භාගෙට ඉවර වුන වතුර බෝතලයක් වගේම බෙල්ල වටේට සුදු පාට පොඩි ටවල් එකකුත් එහිලා තිබුනා ..

" ගුඩ් මෝනිම් බට්ටෝ .."

පඩිපෙළ නැගගෙන එන ගමන්ම මිහික ගෙ ඔලුවට තට්ටුවක් දාන ගමන් ආකාශ් කියද්දි ..

" මෝනිම් දණ්ඩෝ .."

කියාගෙන මිහික පඩිපෙළ බැහැගෙන පහලට ආවෙ ආකාශ් එයාගෙ කාමරේ ඇතුලට යද්දි ..

" ගුම් මෝනිම් අපෙ මැණිකෙ .."

පහලට ආව මිහික කුස්සියෙ තේ හදන ගමන් හිටිය මාලිනී ගෙ ( මිහිකගෙ අම්මා ) පිටුපසින් හිටගෙන ඇයව වැලද ගෙන උරහිසට නිකට තද කරගෙන කියද්දි ..

" ගුඩ් මෝනිම් චූටි .. ඇයි දැන්ම නැගිට්ටෙ .."

" නිකන් අම්මා .."

තමන්ගෙ උරහිසට නිකට තද කරගෙන ඉන්න මිහික ගෙ ඔලුව අතගාන ගමන් මාලිනී අහද්දි මිහික උත්තර දුන්නා ..

" යන්න ගිහින් අර පුටුවකින් වාඩි වෙන්න .."

" අනේ පොඩ්ඩක් මෙහෙම ඉන්න දෙන්නකෝ අම්මා.."

තමන්ගෙ ඇගේ ඇලිල ඉන්න මිහිකට එහාට යන්න කියල මාලිනී කිව්වත් මිහික අකමැති වෙද්දි ..

" යන්න ලමයෝ .. ඔය මේ උණුවතුර ටික දැන් හැලෙනව මගේ අතේ .."

තේ හදන ගමන් හිටිය මාලිනී කෑ ගහද්දි මූණ දෙක කර ගත්ත මිහික ..

" හරි හරි අනේ මේ යනවා .. හූම් මෙයාගෙ තියෙන ගනකම .. ඔක්කොම අසරණ අපිට තමයි අප්පච්චි එහෙම මෙතන හිටිය නම්...."

මන්දාරම් අහස යට || TK Nonfic ♡ Where stories live. Discover now