අටවන මන්දාරම 🍁

2.6K 317 105
                                    

________________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


________________________________________________________________

සේමිණී ලගට වෙලා හිටිය මිහිකවත් අඩගහගෙන කුස්සියට ගියපු මාලිනී ඊට විනාඩි කීපයකට පස්සෙ සෙලෙට ආවේ ට්‍රේ එකක්ද අතේ තියාගෙන .. මාලිනී පස්සෙන් මිහික ද ඒ විදියටම ට්‍රේ එකක් අරගෙන ආවා .. අහ් පොඩ්ඩක් ඉන්න .. කොල්ලගෙ මූණට මොකද වෙලා තියෙන්නෙ .. ඒක ඇද වෙලා කලු වෙලා ගිහින්නෙ .. ෂුවර් එකටම අම්මගෙන් බැනුමක් අහන්න හෝ ටොක්කක් කන්න ඇති .. ඕක ඉතින් ගනන් ගන්න දෙයක් නෙමේ .. කොච්චර වයසින් මුහුකුරා ගියත් අම්මා ගැහුවොත් අපි ගුටි කනවා .. හරිම සරලයි ..

මාලිනී අරගෙන එන ට්‍රේ එකේ කැවිලි පිරුණු ප්ලේට් තුනක් තියෙද්දි මිහික අරගෙන එන ට්‍රේ එකේ බිස්කට් වගේම කේක් තිබුන ප්ලේට් දෙකක් වගේම හොදට ඉදුණු කෙසෙල් ඇවරියක් තිබුනා .. ඔහ් දසනායක පවුලෙන් අබේවික්‍රම පවුලට සෑහෙන්න සැලකිලි ..

" මොනවහරි කාලා ඉමු නේද මිස්ටර් අබේවික්‍රම .."

මාලිනී වගේම මිහික ඇවිත් ට්‍රේ දෙකේ තිබුන ප්ලේට්ස් සෝෆා ටේබල් එක උඩින් තිබ්බා .. ඉතින් දසනායක මහත්තය ආරධනා කරද්දි අබේවික්‍රම පවුලෙ හැමෝම ප්ලේට් වල තිබුන දේවල් වලින් මොන මොනව හරි අරගෙන කන්න පටන් ගත්තෙ මාලිනී ආයෙමත් මිහිකව ඇදන් කුස්සියට යද්දි ..

ඊලඟටත් මිහික ආවෙ ට්‍රේ එකක් උස්සගෙන .. මේ පාර නම් ඒකෙ තිබුනෙ තේ මං හිතන විදියට .. ඒත් ඉතින් හැමෝම තේ බොන අය වෙයිද ..?

කලින් විදියටම මිහික මේ පාරත් ට්‍රේ එක පිටින්ම සෝෆා ටේබල් එක උඩින් තියන්න ගියත් මාලිනී මහත්මිය ඔහුව නැවැත්තුවා .. ඇයි අනේහ්..!

" ඕක හැමෝටම අල්ලන්න .."

මාලිනී මහත්මිය මිහිකගෙ කනට කෙදුරුවෙ මිහිකගෙ මූණ අහක බලාගෙන දාපු ආප්පයක් වගේ වෙද්දි .. ඇයි දෙයියනේ මෙච්චර බරට තියෙන මේ ට්‍රේ එක කොල්ලා අතට ගත්තෙත් වෙන කරන්න දෙයක් නැති නිසයි .. ඉක්මනට ගිහින් ඒක තියන්න බැලුවම අම්මා ඇවිත් කියනවා හැමෝටම ඒක ගිහින් අල්ලන්න කියලා .. මොකටද අනේහ් .. ප්ලේට් එකේ තියෙන ඒවා අරගෙන කන්න පුලුවන්නම් මොන එහෙකටද මේක උස්සගෙන ලගට ගිහින් තේ එක අතට ගන්නකන් බලාගෙන ඉන්නෙ ..

මන්දාරම් අහස යට || TK Nonfic ♡ Where stories live. Discover now