හතළිස් පස්වන මන්දාරම 🍁

2.6K 321 74
                                    

___________________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

___________________________________________________________________

Author's Pov ~

රාත්‍රී කොළඹ නගරය වෙනදා වගේම අදත් කාර්යබහුලයි.. ඒ කාර්යබහුලත්වයත් එක්කම සීතලක් සමඟින් පුංචි වැහි පොදයක් වැටෙන්න පටන් ගනිද්දි දැන් වෙලාව රාත්‍රී දහයයි තිහ පහුවෙලා තිබුනා ..

" ආශ්..! ඔන්න පටන් ගත්තා චුරු චුරුව .."

ටිකෙන් ටික වැඩි කරන වැහි පොදයත් එක්ක මෙච්චර වෙලා ෆෝන් එක අතේ තියාගෙන මුහුණු පොතේ ඉහල පහල යන ගමන් හිටිය අපේ හිරුෂ කොල්ල කටත් ඇද කරගෙනම ෆෝන් එකත් කලිසම් සාක්කුව අස්සට දාගෙන ඔලුවට උඩින් අතකුත් තියාගෙන කරේ දාගෙන හිටිය සයිට් බෑග් එකේ පටියෙනුත් අල්ලගෙන දුවගෙන ගියෙ අඩි කීපයක දුරකින් තිබුන බස් හෝල්ට් එක ඇතුලට ..

දුවගෙන ආවට වැඩක් නෑ දැනටම දොස්තර කොලුව ඉන්නෙ භාගෙට තෙමිච්චි කුකුළෙක් වගේ .. ඇදගෙන හිටිය සුදු පාට අත්දිග ශර්ට් එක ඇගටම ඇලිලා .. මේ දවස්වල වැස්ස වුනත් කොල්ලට කුඩයක් අරගෙන එන්න අමතක වෙලා .. වෙනදට වාහනේ තිබුනත් ඊයෙ හවස ඒකත් සර්විස් එකට දාපු නිසා පොදු ප්‍රවාහනයේ පිහිට පතාගෙන අද හිරුෂට බස් එකක එල්ලෙන්න තමයි තියෙන්නෙ .. ඉමර්ජන්සි කේස් එකක් නිසා වෙනදට වඩා පැයක් දෙකක් පරක්කු වෙලා ඕෆ් වුන නිසා මිහිකගෙන්වත් උදව්වක් ගන්නත් කොල්ලට චාන්ස් එකක් ලැබුනෙ නෑ ..

" මේ බසුත් ..! ශිට් මට ඕන වෙලාවට එකක් නෑනෙ .."

වැස්සත් එන්න එන්නම සැර වැඩි කරද්දි හිරුෂ දැන් විනාඩි විස්සකට වැඩි වෙලාවක් බස් එකක් එනකන් බලාගෙන ඉන්නවා .. කොල්ලගෙ වාසනාවෙ හොදකම කියන්නෙ වෙනදට විනාඩි දහයෙන් දහයට එහාට මෙහාට යන එන බස් එකක්වත් අද නෑ ..

මන්දාරම් අහස යට || TK Nonfic ♡ Where stories live. Discover now