පනස් අටවන මන්දාරම 🍁

2.2K 291 108
                                    

__________________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


__________________________________________________________________

ගුඩ් මෝනිම් මගෙ කෙම්ලනේ.. අලුත් දවසක් ඒයිලා නැගිටින්න නැගිටින්න උදේ වෙලා දැන් ..
ඔයැයිලට නැගිටින්න කිව්වට අපිත් තාම ඇදේ අනේ.. මං ඇහැරල දැන් විනාඩි ගානක් වුනත් තාම ඇදෙන් නැගිට්ටෙ නැත්තෙ කම්මැලි කමටත් එක්ක ..
මෙහෙ සීතලත් වැඩි නිසාද මන්දා අපි තුන්දෙනා දැන් ඉන්නෙ එකට ඇලිලා එක තුරුලෙ ඒයිලා ..

ඊයේ රෑ නිදාගත්තෙ කොහොම වුනත් නැගිටිද්දිනම් විසාල වෙනසක් සිදුවෙලා තියෙනවා අපේ ස්ථානවල .. රෑ නිදාගනිද්දි මීණු හිටියෙ අපි දෙන්නට මැදින් වුනාට දැන් මීණු වෙනුවට ඇදේ මැද්දෙන් ඉන්නෙ මේ මං .. එතකොට මීණු ඉන්නෙ මගෙ පපුවට තුරුල් වෙලා වෙද්දි , රෑ මං නපුරුයි කියලා මට පිටුපාලා නිදාගත්ත එයාගෙ තුරුලෙ තමයි මායි මීණුයි දෙන්නම දැන් ඉන්නෙ .. කිව්වනේ විසාල වෙනසක් කියලා ..!

කර්ට්න් අතරින් කාමරේ ඇතුලට වැටුන හිරු එලියත් එක්ක හිතාගත්තැකි දැන්නම් හොඳහැටි උදේ වෙලා කියලා .. ඒ වුනත් තාමත් ඇදෙන් නැගිටින්න මට කම්මැලී .. මං මෙහෙම හරි නැගිටලා ඉන්නවා ඒත් ඒකට මගෙ දෙපැත්තෙන් ඉන්න මේ අප්පච්චියි පුතයි දෙන්නනම් කට කපලා නිදි තවම .. මීණු මගෙ පපුවට තුරුලු වෙලා අතකුයි කකුලකුයි දෙකම මගෙ ඇගට දාගෙන නිදාගෙන ඉද්දි අනිත් පැත්තෙන් අයියත් මාව ඒ පපුවට තුරුලු කරගෙන මදිපාඩුවට එයත් මගෙ ඇගටම අතකුත් දාගෙන මාවයි මීණුවයි දෙන්නවම බදාගෙන ..
ඒ දෙන්නට මැදිවෙච්චි ඔයැයිලගෙ මේ අසරණ අහිංසකය මීණුගෙ ඔලුව එක අතකින් අතගාන ගමන් උඩ පේන සිවිලිම දිහා බලාගෙන ඉන්නවා ..
ඒක ඇහුවම ඔයැයිලටත් දුක හිතුනා නේද මගෙ කෙම්ලනේ මේ අහිංසකයා ගැන ...

මන්දාරම් අහස යට || TK Nonfic ♡ Where stories live. Discover now