හැටවන මන්දාරම 🍁

1.7K 306 83
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


__________________________________________________________________


අවසානයේ අපි එතනින් පිටත් වෙලා අපේ ඊලග තැනට එහෙමත් නැත්නම් අද අපි රැය ගත කරන මඩොල්සිම හොයාගෙන යන ගමන ඉක්මනින් ආරම්භ කරේ මේ වෙද්දිත් හොඳටම හවස් වෙලා අඳුර වැටිලා තිබුන නිසයි .. හයත් පහුයි වෙලාව ..

අපි මඩොල්සිමට යන අතරමගදි කීල්ස් එකක් ලගින් නැවතුනේ අද අපේ රෑ කෑමට සූදානම් කරන විශේෂිත වූ ආහාරය පිළියෙල කරන්න අවශ්‍ය කරන අඩුම කුඩුම ටික හොයාගෙන එන්න .. හොයාගෙන කිව්වෙ මේ සල්ලි දීලා අරගෙන එන්න මොකෝ කඩෙන් ණයට බඩු දෙනවා කියලද අපිට ..
රෑ කෑම එකට ඕන බඩු ටික ගන්න මමයි පොඩීයි හිරුෂයි අපි තුන්දෙනා එක්ක තනියට මීණුවත් එක්කගෙන යද්දි අපේ අනිත් තුන්දෙනා ඒ කිව්වෙ අපේ එක්කෙනයි , ආකාශ් කොලුවයි , නෙහාර කොලුවයි තුන්දෙනා වෙනම වැඩකට පිටත් වුනා ..

එයාලට හොඳටෝම මහන්සී කියන්නෙ .. මහන්සිය නිවාගන්න ඕනයි කියලා අද රෑට ලස්සන වැඩකට තුන් හතර දෙනා එක්කම ප්ලෑන් ගහද්දි අපිත් ඉතින් වැඩිය මොකුත් නොකියා පාඩුවෙ හිටියෙ එයාලගෙ සතුටට බාධා කරන කුහකයෝ අපි වෙන්න ඕන නැති නිසා ..
අපි හතරදෙනා එක්ක කීල්ස් එක ඇතුලට යද්දි එයාලා ඒ කිටුට්වම තිබුන මොකක්ද එකකට ගියා ..

අපි රෑ කෑමට හදනවා කියල තීරණය කරේ චීස් කොත්තුවක් වෙද්දි දැන් මේ ඒකට ඕන කරන බඩු ටික තෝරන ගමන් .. පොඩී කූඩයක් අරගෙන මගෙ පස්සෙන් එද්දි මං ඕනි කරන දේවල් තෝරල අරගෙන පොඩී අතේ තිබුන කූඩෙට දැම්මෙ මීණු හිරුෂ එක්ක හිටිය නිසා .. ලීක්ස් , කැරට් , ගෝවා, ළුණු ඕනි කරන එළවලු වර්ග ටික අරගෙන ඊලගට අපි හතරදෙනා කොත්තු එකට ඕනි චීස් ටික , ඕනි කරන පහේ ටික අරගන්න ඒ ඒ රැක් තිබුන පැත්තට යද්දි අර තුන්දෙනාවත් අපිට මුණ ගැහුනා ..
එයාලගෙ වැඩේනම් හරි වගේ ..

You've reached the end of published parts.

⏰ Last updated: Nov 14 ⏰

Add this story to your Library to get notified about new parts!

මන්දාරම් අහස යට || TK Nonfic ♡ Where stories live. Discover now