හතළිස් අටවන මන්දාරම 🍁

2.1K 358 101
                                    

_________________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

_________________________________________________________________

පේෂන්ට් කෙනෙක්ගෙ රිපෝට් එකක් චෙක් කරන ගමන් මේ වෙලාවෙ මං හිටියෙ මට අයිති කැබින් එක ඇතුලෙ වෙද්දි දැන් වෙලාව රෑ හත හමාරට කිට්ටුයි ..

" ඩොක්ටර් .. ඩොක්ටර් මිහික..!"

" ඇයි විහඟි .. මොකද වුනේ..?"

රිපෝට් එක ගැන අවධානයෙන් හිටිය මගෙ අවධානය බිඳිලා ගියෙ කැබින් එකට කඩන්පාත් වෙච්චි විහඟි මිසී නිසා ..
මගේ නමත් කියල කෑගහන ගමන් කැබින් එකේ දොරත් ඇරගෙන ඇතුලටම ආපු විහඟිගෙන් මං මොකද වුනේ කියල ඇහුවත් ඇත්තටම මං දන්නවා විහඟි මාව හොයාගෙන ආවෙ මොකක්හරි ඉම'ජන්සි කේස් එකක් නිසා කියන්න ..

" ඉම'ජන්සි කේස් එකක් ඩොක්ටර් .. ඩීන් ඩොක්ටර්ට එන්න කිව්වා .. කේස් එක සීරියස් .."

විහඟි ඒක කියනවත් එක්කම මට බර හුස්මක් පිට වුනා .. අද දවසම වැඩ ගොඩක් එක්ක හිර වුන මං කැබින් එකට ඇවිත් දැන් විනාඩි දහයකට ආසන්න වෙන්න ඇති .. ඒ ආවෙත් පුංචි නැප් එකක් දානවා කියල හිතාගෙන වුනත් මට ඒකට අවස්ථාවක් නොලැබුනෙ රිපෝට්ස් ෆයිල්ස් ටිකක් ගැන බලන්න තිබුන නිසා .. ඉතින් ඒකත් ඉවර වෙද්දි වෙලාව අටට වගේ වෙයි කියල හිතපු මං ගෙදර ගිහින්ම විවේකයක් ගන්න හිතාගෙන රිපෝට්ස් ෆයිල්ස් ටිකත් ඔක්කොම චෙක් කරන්න පටන් ගත්තා .. තාම ඒක ඉවරත් නෑ .. දැන් ඉතින් ඒක ඉවර කරන්න වෙලාවකුත් නෑ හරියට අට වෙද්දි ගෙදර යන්න වෙන්නෙත් නෑ .. මොනා කරන්නද ඉතින් මේ මගේ ජොබ් එකනෙ .. රාජකාරිය දේවකාරිය කියල කියනවනෙ ..

" හරි ඔයා යන්න විහඟි .. තියටර් එක රෙඩි කරන්න .. මං ඉක්මනින් එන්නම් .."

" හරි ඩොක්ටර් .."

අතේ තිබුන ෆයිල් එකත් වහලා දාලා අනිත් රිපෝට්ස් ෆයිල්ස් ටිකත් අරගෙන ඒ ටික පිලිවෙලකට ටේබල් එකෙන් තියන ගමන් මං විහඟිට යන්න මං එන්නම් කියද්දි හා කිව්ව එයා යන්න ගියෙ ඊලඟට මං මගෙ ෆෝන් එක අතට ගනිද්දි ..

මන්දාරම් අහස යට || TK Nonfic ♡ Where stories live. Discover now