දහ අටවන මන්දාරම 🍁

2.2K 288 69
                                    

_______________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

_______________________________________________________________

කාර්යබහුල දිනයන් කිහිපයක අවසානයේ අද දවස තමයි මගෙයි හිරුෂයගෙයි නිදහස් දවස .. ඉරිදාවක් වුන අද අපි දෙන්නගෙ නිවාඩු දවස නිසයි මේ දවස නිදහස් වෙන්නෙ .. නිදහස් කිව්වට නිදහස්මත් නෑ ඉතින් වැඩ නම් බොහොමයි කරන්න .. ඒත් හොස්පිට්ල් එක ඇතුලෙ ගෙවන දවසට වඩා නම් ගොඩක් නිදහස් ..

රාජකාරී ජීවිතේ කියන්නෙම නිදහස සීමාකාරි දෙයක් නිසා ගෙවන සතියෙන්ම මම කැමතිම දවස තමයි ඉරිදා කියන්නෙ .. ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ නම් කැමතිම දවස වුනේ සිකුරාදට , මොකද සිකුරාදයින් පස්සෙ දවස් දෙකක් නිවාඩුනේ .. හැබැයි ඉතින් සතියෙ දවස් පහ ගෙවෙනවට වඩා වේගෙන් සති අන්තයේ දවස් දෙක ගෙවිලා යනවා වගෙයි දැනෙන්නෙ ..!ඒ කාලෙ වගේම තමයි මේ කාලෙත් ඉරිදා දවස ගෙවිලා යන්නෙ පුදුම තරමේ වේගෙකින් ..!

වෙනදට උදේ හයට වදින එලාම් එකට නැගිටින අපි ඉරිදට හිතේ හැටියට නිදාගෙන කැමති වෙලාවක නැගිටිනවා .. කැමති වෙලාව ඉතින් අනිවාර්යයෙන්ම උදේ දහය පහු වුනාම තමයි .. දෙයියනේ කියල මටයි හිරුෂටයි දෙන්නට හොදට කන්නයි , නිදාගන්නයි නම් පුලුවන් වෙන මොනා නැතත් .. ඒ කියල අපිට බැරි දේකුත් නෑ ඉතිම් .. උදේ දහයට නැගිට්ටත් එල පිට් කොල්ලෝ තමයි නම්කි අපිත් ..

ගෙවුන දවස් කීපය ගැන පොඩ්ඩක් මතක් කලෝතින් හැමදාම වගේ සුපුරුදු වැඩ ඒ විදියටම කලා ඉතින් .. හිරුෂයට දවස් දෙකක් නයිට් ඩියුටි වැටෙද්දි මටත් සිකුරාදා නයිට් ඩියුටි වැටුනා .. ඊලඟ සතිය පටන් ගන්නෙත් නයිට් ඩියුටි එක්ක .. ඊට අමතරව මේ දවස් ටිකේම එක දවසක්වත් මග නොහැර නෙතුල් මට කෝල් කරන්න පුරුදු වෙලා හිටියා ..

මන්දාරම් අහස යට || TK Nonfic ♡ Where stories live. Discover now