_____________________________________________________________________
Mihika's Pov ~
ටිකක් තදේට පොද ගහන වැස්සක් එක්ක රෑ අහස, හඳක් තියා පුංචි තරුවක්වත් නැතිව තනිකමින් කාලෙ ගෙවද්දි මායි අයියයි හිටියෙ කලුවර රෑ අහස දිහා බලාගෙන අහසට තනි රකින ගමන්..
වට පිටාව තියෙන සීතල නිසාම නොවුනත් මං හිටියෙ ඒ පිරිමි පපුවෙ උණුහුමට තුරුළු වෙලා .. මේ උණුසුම ආගන්තුක වුනත් දැනටමත් මම මේ උණුහුමට ලෝබ වෙලා .. හිතින් වගේම ගතිනුත් .. මාවත් තුරුලු කරගෙන එයා එක එක විකාර කියවන්න පටන් ගත්තෙ මං මොකුත්ම නොකියා එයා කියන ඒවා නිහඬවම අහගෙන ඉද්දි ..මට හිතෙනවා අද, මේ මොහොතේ අපි දෙන්නගෙ චරිත දෙක මාරු වෙලාවත්දෝ කියලා .. ඇයි අනේ ඔයාලම පොඩ්ඩක් හිතල බලන්නකෝ කෙල්ලනේ දැන් විතරක් නෙමෙයි මේ දවස්වල වැඩියෙන්ම කතා කරේ කව්ද කියලා .. හරි ඉතිම් මාත් කතා කරා තමයි ඒත් ඉතින් ඒ මගෙ සුපුරුදු විදියනෙ කෙල්ලනේ .. අපෙ මැණිකෙ කියන්නා වගේ මං ඉතින් කැඩිච්ච වක්කඩයක්නෙ.. ඒ වුනාට මෙයා එහෙම නෑනෙ .. මේ ඉන්නෙ අර කලින් හිටිය කතාවක් හිනාවක් නැති මගෙ බකුසු මහත්තය නෙමෙයිනේ .. සිද්දි ගලපල බලන්න කෙල්ලනේ ඔයාලටම තේරේවි මේ මනුස්පයට දැන් තියෙන්නෙ පුදූම වලත්ත වාචාල බෝක්කු කටක්නෙ කියලා ..
" මිහී මොකෝ සද්ද නැත්තෙ .. නිදිද.. ම්ම්ම් .."
මෙච්චර වෙලාම කියවල කියවල ඔන්න දැන් මගෙන් අහනවා ඇයි සද්ද නැත්තෙ කියලා .. දෙයියනේ කට අරින්නවත් මට කියල අවස්ථාවක් දුන්නද මේ මනුසපයා .. සම්පුර්ණයෙන්ම මගේ අයිතිවාසිකම් උල්ලංඝණය කරලා දැන් එනවා මෙතන .. අපේ මැණිකේ එහෙම දැනගත්ත නම් කටර් එක වැඩ කරන මගේ කට වැහුනා කියලා .. ලැජ්ජාව බාල්දියෙන් එකයි ..
YOU ARE READING
මන්දාරම් අහස යට || TK Nonfic ♡
Non-Fictionමන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. • ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! වැහි කලුවකින් වැසී ගිය මන්දාරම් අහස යට සිට... රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = ..................