_________________________________________________________________
පැය හතරකට ආසන්න ගමනකින් පස්සෙ රෑ නවය වගේ වෙද්දි ආකාශ් වගේම මිහික දෙන්න කොළඹට ඇවිත් තිබුණා .. තව පොඩි දුරයි බෝඩිමට .. නුවර පහු වෙනවත් එක්කම ෂටර් එකට ඔලුව ගහන් පොඩි නින්දක් දාන්න හිතන් ඇස් පියා ගත්තත් මිහික නොදැනිම එන අතරමග පැය දෙකකට වැඩි වෙලාවක් නිදාගෙන තිබුනා .. දැන් ටිකකට කලින් තමයි ඇහැරුනේ ඉතින් .. ඇත්තම කිව්වොත් ඇහැරුනා නෙමෙයි ආකාශ් ඇනල ඇනල හොලවල කරල කොල්ලව ඇහැරෙව්වා .. නැත්තන් යස අගේට තවත් නිදි ..
තවත් විනාඩි කීපයකට පස්සෙ ආකාශ් ගෙ වාහනේ මිහික බෝඩ් වෙලා ඉන්න ගෙදර මිදුලෙ නතර වුනා .. වාහනෙන් එලියට බැස්ස මිහික පිටුපස ශීට් එක උඩ තිබුන එයාගෙ ලැප් එක දාලා තිබුන බෑග් එකයි මාලිනී අම්ම ලෑස්ති කරල දුන්න ලොකු කෑම බෑග් එකයි දෙකම වාහනෙන් එලියට ගත්තා .. මිහික මේ හැමදේම කරල ඉවර වෙනකනුත් ආකාශ් හිටියෙ වාහනේ ඇතුලට වෙලා .. ඒ මොකද ඒ .. ශීට් එක උඩ ඇලවිලා වත්ද බැහැල එලියට එන්නෙ නැත්තෙ .. බලමු පොඩ්ඩක් ..
" ඇතුලට එන්නෙ නැද්ද හලෝ .."
මීට ටික වෙලාවකට කලින් වහපු පැසෙන්ජර් ශීට් එක පැත්තෙ දොර ඇරිය මිහික වාහනේ ඇතුලට එබිලා ආකාශ්ගෙන් ඇහුවා ..
" නෑ දැන් බෑ .."
මිහික අහද්දි මිහික දිහා බලලා එහෙම කියපු ආකාශ් ආයෙම වාහනේ ස්ටාර්ට් කරද්දි ..
" ඒ ඒ ඔහොම ඉන්නවා පොඩ්ඩක් .. ඇයි බැරි යමු ඇතුලට තේ එකක් බීලා යන්න .."
වාහනේ ස්ටාර්ට් කර ගත්ත ආකාශ්ට මිහක කිව්වත් ආකාශ් කැමති වුනේ නෑ ..
" අනේ මේ එනව හලෝ බොරුව නොදා .."
මිහික කොච්චර කතා කරත් ආකාශ් කැමති නොවෙද්දි අන්තිමට මිහික ගිහින් ආකාශ්ගෙ පැත්තෙ දොරත් ඇරල ආකාශ්ගෙ අතින් ඇද ඇද එලියට එන්න කියල බල කරේ හරියට නිකන් පොඩි ලමයෙක් වගේ .. අනේ අපොයි මේ ඉන්නෙ අවුරුදු විසි හතරක ලොකු කොල්ලෙක් කියල ඇත්තටම විශ්වාසද ..
YOU ARE READING
මන්දාරම් අහස යට || TK Nonfic ♡
Non-Fictionමන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. • ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! වැහි කලුවකින් වැසී ගිය මන්දාරම් අහස යට සිට... රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = ..................