විසි දෙවන මන්දාරම 🍁

2.4K 303 111
                                    

_____________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

_____________________________________________________________

කාලය ටිකෙන් ටික ගෙවිලා යනවා .. අදට අපි එයාලගෙ ගෙදර ගිහින් ඇවිත් හරියටම දවස් පහක් ගෙවිලා ගිහින් .. මේ ගෙවුන දවස් පහ ගැන කිව්වොත් පුදුම තරම් කාර්යබහුලයි .. ජොබ් එක නිසාද ..? ඔව් ඔව් ඒකත් එක හේතුවක් තමයි හැබැයි ලොකුම හේතුව වුනේ වෙන දෙයක් .. වෙන මොකුත් නෙමෙයි මගේ කසාදෙ නිසා .. කසාදෙ කසාදෙ .. ඒකටත් තව ඉතුරු දවස් අටයි ඉතින් .. ඒ දවස් අටත් ගෙවුනට පස්සෙ මගෙ තනිකඩ දිවියට නැවතීමේ තිතක් එකතු වෙනවා කෙල්ලනේ ..

මේ දවස්වල අපේ දසනායක මැණිකෙයි සේමිණී අම්මයි දෙන්න එක්ක එකතු වෙලා හරි හරියට කසාදෙ වැඩ .. හරි හරියට කිව්වට මටයි එයාටයි දෙන්නටම ලොකුවට වෙඩින් එකක් ගන්න තරම් කැමැත්තක් නෑ .. අපි දෙන්නටම ඕන වුනේ හරිම සරල චාම් වෙඩින් එකක් .. ලගම කීපදෙනෙකුට ආරාධනා කරලා පුංචියට වෙඩින් එකක් ගන්න .. නිකන් බොරු සෝබන වැඩ වලට නාස්ති කරන්න කාලෙකුත් නෑ එහෙම කරල අපිට ලැබෙන දේකුත් නෑ අන්තිමට .. ඉතිං අපි දෙන්නම තීරණය කරා පවුල් දෙකේ ලගම නෑදෑයෝ කීප දෙනෙක්ට ආරාධනා කරල තව එයාගෙයි මගෙයි යාලුවො කීපදෙනෙකුටත් කියලා උපරිම අමුත්තො පනහක වගේ ප්‍රමාණයකට ආරාධනා කරන්න .. මුලින්ම සීයා අප්පච්චි කැමති වුනේ නෑ එයාගෙ ලොකු මුණුබුරාගෙ දෙවෙනි කසාදෙ වුනත් පොඩියට චාම්ව කරන්න ඒත් අයියා බල කරලම කිව්ව නිසා වගේම මගේ කැමැත්තත් ඒක නිසා සීයා අප්පච්චි අන්තිමට එයාගෙ කැමැත්තත් දුන්නා ..

මේ වෙද්දි සම්පූර්ණයෙන්ම ඉවර නැතත් ගොඩක් දුරට ඒ වැඩත් ඉවරයි .. චාම්ව සරලව කරනවා කිව්වට ඉතිම් ඒකෙත් වැඩ එමටයි .. කොහොමහරි වැඩ ටික ඔක්කොම බෙදාගෙන පවුල් දෙකේ වැඩිහිටියෝ සිද්ධ කරගෙන යනවා .. වැඩිහිටියො කිව්වට ඒ වැඩ වලට ගොඩක්ම උනන්දුවෙන් ඉන්නෙ  පුංචි මීණු තමයි ..

මන්දාරම් අහස යට || TK Nonfic ♡ Where stories live. Discover now