__________________________________________________________________
අලුත් දවසක් .. වෙසක් පෝය නිවාඩුව ලැබෙන්නත් තව තියෙන්නෙත් එක දවසයි .. අද දවස විතරයි .. හෙට ඉදන් දවස් දෙකක් වෙසක් පෝය වෙනුවෙන් නිවාඩුව වෙද්දි ඒ දවස් දෙකට අමතරව මං තව දවස් හතරක නිවාඩුවක් දැම්මෙ විශේෂ වැඩකට ..
දැන් වෙලාව අටයි දහයට වගේ .. වෙනදට අට වෙද්දි මං හොස්පිට්ල් එකට ගිහින් වුනත් අද තාමත් හොස්පිට්ල් එකට යන්න බැරි වුනා .. කොහොම යන්නද ඉතින් මට මේ ගෙදරම ඉන්නවනෙ බලාගන්න ලෙඩෙක් .. එයාගෙ සාත්තු ටිකත් කරල අසනීප ගැනත් බලලම වැඩට යන්න හිතාගත්තු මං වෙනදට වඩා පැයක් දෙකක් වගේ පරක්කු වෙලා යන්නයි හිතුවෙ ..
" ඕක තාම හරි නැද්ද චූටි පුතා .."
" දැන් හරි අම්මා .. තව පොඩ්ඩයි .."
" ඉක්මනට ඕක ඉවර කරල යන්න ලෑස්ති වෙන්න චූටි පුතා .. අද වැඩත් වැඩි කිව්වනෙ ඔයාට .. මට පුලුවන් අර පණ්ඩිත හාදයව බලාගන්න දෙකක් දීලා හරි .."
අම්මා ඒක කියපු විදියට මට හිතත් ගියා ..
මං සුප් එකක් හදන තැනට ඇවිත් තමයි අම්මා ඔය දේවල් කියන්නෙ .. වෙන කාටවත් නෙමෙයි ඕවා කියන්නෙ මගෙ මනුස්පයට .. හැබැයි එයානම් මෙතන නෑ .. තාම සැපට නිදි අප්පච්චියි පුතයි දෙන්න කාමරේට වෙලා .." උණත් තියෙද පුතේ .."
සුප් එක හදල ඉවර කරපු මං ගෑස් එක ඕෆ් කරනවත් එක්කම අම්මා මං ලගටම ඇවිල්ලා අහනවා .. පව් අනේ අම්මා ..
" ඊයෙ රෑනම් ටිකක් ඇග රස්නෙට තිබුණෙ අම්මෙ .. උදේ බලද්දිනම් උණ ගතියක් තිබුනෙ නෑ .. ඒ වුනාට හොඳටම හෙම්බිරිස්සාව අම්මා හරියට හුස්ම ගන්නවත් බෑ එයාට .."
YOU ARE READING
මන්දාරම් අහස යට || TK Nonfic ♡
Non-Fictionමන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. • ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! වැහි කලුවකින් වැසී ගිය මන්දාරම් අහස යට සිට... රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = ..................