විසි හතරවන මන්දාරම 🍁

2.3K 304 73
                                    

______________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

______________________________________________________________


" චූටි ..! දැන්වත් ඕක පැත්තකින් තියල නිදාගන්නවා .."

ඇද වට්ටමට කොට්ටයක් තියන් ඒකට හේත්තු වෙලා ෆෝන් එක දිහා බලාගෙන හිටිය මට අපේ ආකාශ් කොලුව ඔය වචන ටික කිව්ව පස්වෙනි වතාව මට මතක විදියට .. අයියා එහෙම කියද්දි ෆෝන් එක දිහා බලාගෙනම මං උත්තර දුන්නෙ කාමරේ කොනක තිබුන ටේබල් එකක් ලග වාඩිවෙලා ලැප් එකේ වැඩ කරන ගමන් හිටිය අයියට ..

" හරි හරි විනාඩියක් දෙන්න .."

අද මං ඉන්නෙ අපේ ආකාශ් කොලුවගෙ එපාර්ට්මන්ට් එකේ .. මං විතරක් නෙමෙයි අම්මයි අප්පච්චි දෙන්නත් ඉන්නවා .. ඇයි කියල කිව්වොත් හෙට පාන්දරම අපි ගමනක් යනවා .. අපි කිව්වෙ දසනායක පවුලයි අබේවික්‍රම පවුලයි .. තව කව්ද කෙල්ලො ටිකකුත් එනවයි කියලා අපෙ දසනායක මැණිකෙ අප්පච්චි එක්ක දවල් කියනවා මං අහගෙන .. කව්ද කින්ද මන්ද කියල කියන්න මේ ලමයා හරි විස්තරයක් දන්නෙ නෑ අප්පා .. අපෙ දසනායක මැණිකෙත් හරි ව්ස්තරයක් කිව්වෙ නෑනෙ අහගන්න .. හෙටම බලාගමු ඒ අය කව්ද කියල ..

යන්නෙ කොහෙද කිව්වොත් ඉතින් අපි යන්නෙ නුවර .. දළදා වඳින්න තමයි යන්නෙ .. ඒ අතරෙම තවත් ගමනක් යනවා .. හැබැයි මායි ආකාශ් කොලුවයි දෙන්නගෙම නම් ඒහැටි කැමැත්තක් නෑ ඒ ගමනට .. මොනා කරන්නද ඉතින් එක්කගෙන යද්දි යන්නම එපැයි .. ඒනිසාම යනවා ..

" දැන් කීයෙ ඉඳන් ද ඔය විනාඩිය ගැන කියවන්නෙ .. ඔච්චරටම මස්සිනාකාරයා මොනවද කියන්නෙ පැය ගණන් ඕකට කොටන්න .."

මගේ පැත්තට බෙල්ල හරවපු අයියා එහෙම ඇහුවෙ මෙච්චර වෙලා හිරුෂත් එක්ක කතා කර කර හිටිය මං ෆෝන් එකෙන් ඇස් අහකට අරගෙන අයියා දිහා බලද්දි ..

මන්දාරම් අහස යට || TK Nonfic ♡ Where stories live. Discover now