පනස් තුන්වන මන්දාරම 🍁

2.4K 295 78
                                    

_________________________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


_________________________________________________________________________

" කෝ ඔය නිදි අය නැගිටින්න .."

" අපි ලග ඉන්නෙ දැන් .. තව පොඩි දුරයි නේද සෝමසිරි .. "

සීයා අප්පච්චි අපි හැමෝටම නැගිටින්න කියල සෝමසිරි අංකල්ගෙන් තව පොඩි දුරයි නේද කියලා අහනවා .. ඔය සීයාප්පච්චි අපිට නැගිටින්න කිව්වට අපි කවුරුත් නිදාගෙන හිටියෙ නෑ අනේ .. මේ මං ලග ඉන්න මීණුත් ඉන්නෙ නැගිටලා වටපිටාව බලාගෙන එන ගමන් ..

" ඔව් ලොකු මහත්තයා .. තව පොඩ්ඩ දුරයි උමග පහු කරන්න .."

සෝමසිරි අංකල් වාහනේ ඩ්‍රයිව් කරන ගමන්ම ඉස්සරහ පොඩි කණ්නාඩියෙන් පිටි පස්ස බලලා සීයාප්පච්චි ඇහුව ප්‍රශ්නෙට උත්තර දුන්නා ..
එයා සීයාප්පච්චිට නම් උත්තර දුන්නා .. ඒත් දැන් මට ප්‍රශ්නයක් තියෙනවා ..
උමග .. මොන උමගක්ද..?
අපි උමගක් බලන්න යන්න කතා කර ගත්තද ඇත්තටම..?

" මොකක්ද ඒ උමග.. අපි උමගක් බලන්න කතා කරගත්තද අයියෙ ..?"

මං මගේ ප්‍රශ්නෙ මට එහා පැත්තෙ හිටිය අපෙ එක්කෙනාට යොමු කරද්දි මං දිහා ඇස් හරවල බැලුව එයා හොද හුස්මක් පිට කරලා දැම්මෙ ප්‍රශ්නෙට උත්තරේ දැන ගන්න උවමනාවෙන් එයා ලගට ලං වෙලා හිටිය මං ආයෙම පොඩ්ඩක් එයාගෙන් එහාට්ට වෙද්දි ..
මේ මොකද මෙයා පිඹින්නෙ..
මං වැරදි දෙයක්වත්ද ඇහුවෙ ඒයිලා ..?

" ඇයි ..?"

මොකුත්ම නොකියා තත්පර කිහිපයක් මං දිහා බලාගෙන ඉන්න එයාගෙන් මං එහෙම අහද්දි එයා මට උත්තරයක් දෙන්න ගියත් ඔන්න ඊට කලින් සීයාප්පච්චි අපි හැමෝටම ඇහෙන්න කිව්ව දෙයින් මගේ ප්‍රශ්නෙටත් උත්තරේ හම්බුනා ..

මන්දාරම් අහස යට || TK Nonfic ♡ Where stories live. Discover now