__________________________________________________________________
" අම්මී..."අම්මලා ලගට වෙලා ලොකු කයියක හිටපු මීණුව මම අත් දෙකට අරගෙන කම්මුලක් එබිලා යන්නම ලොකු උම්මියක් දුන්නා ..
බලන්න ඒයිලා මං කොච්චර දුකෙන්ද මේ ඉන්නෙ මගෙ කොල්ලා අද රෑට මං ලග නැති එකට .. ඒ වුනාට එයාටනම් මේ මං ගැන කිසි ගාණක් නෑහ්... ම්හුක් කමක් නෑ ඉතිම් .." මීණු නිදාගන්න ද ලෑස්ති ඔයා .. අද රෑට දත් මදින්නෙ නැතුව නිදාගන්නද හදන්නෙ මගෙ හොර කොල්ලා .."
" සීතල බෝ වලින් බෑ අම්මි .. පුතාට දොයිත් මතයි .."
පෙනේද මේ හොර ගෙඩියට නිදිමතයිලු කෙල්ලනේහ් .. වතුරත් සීතයිලු..
" වතුර සීතල නෑ අනේ උණු වතුර දාලනෙ ගන්නෙ .. නැගිටල එන්නකො පුතේ .. දත් මැදල දොයියමු අපි.. හාද..."
රෑ කෑමෙන් පස්සෙ අපි හැමෝම තම තමන්ගෙ කාමර වලට ගියේ අද දවසම ඇවිදලා කරලා මහන්සියෙන් ඉන්න නිසා ඉක්මනින්ම නිදාගන්න හිතාගෙන .. මායි අයියයි දෙන්නත් අපේ කාමරේට එද්දි අපේ මීණු කාමරේට එන්නෙත් නැතුවම එතනින්ම අම්මලාගෙ කාමරේට ගියේ එයාගෙ ආච්චි අම්මලා දෙන්න එක්ක නිදාගන්න කියලනෙ ..
මීණු ගියාට මොකද හදිස්සියට මට අමතක වුනානෙ මීණුගෙ බ්‍රෂ් එක අම්මට හරි දෙන්න .. බ්‍රෂ් එක මං ලග නිසා මීණුට රෑට දත් මදින්න වෙන්නෙ නැති වෙද්දි අයියට කියපු මං මීණුගෙ බ්‍රෂ් එකත් උස්සගෙන ඉක්මනට අම්මලාගෙ කාමරේට ආවෙ මීණුගෙ දත් මද්දවලා එයාව නිදි කරවල යන්න හිතාගෙන වුනාට මොකද මං එද්දිත් මගෙ කම්මැලි පැටියා ඇදට පැනලා එයාගෙ නුවර ආච්චි අම්මා එක්ක ලොකු කතාවක .. මං දත් මදින්න එන්න කියලා මතක් කරා විතරයි ඔන්න අපේ හොර කොල්ලට එකපාරටම නිදිමතක් හැදුනා .. ඒ අස්සෙන් වතුරත් සීතලයිලු .. ඒකනම් ඇත්ත ඉතිම් සුට්ටක් විතර .. ඒ වුනාට ඉතිම් උණු වතුරත් තියෙන නිසා ඒක පිළිගන්න පුලුවන් හේතුවක් නෙවෙයිනෙ ..
YOU ARE READING
මන්දාරම් අහස යට || TK Nonfic ♡
Non-Fictionමන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. • ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! වැහි කලුවකින් වැසී ගිය මන්දාරම් අහස යට සිට... රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = ..................