පනස් දෙවන මන්දාරම 🍁

3.3K 353 107
                                    

_____________________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

_____________________________________________________________________


ලස්සන අලුත් දවසකට අරුණළු උදා වෙද්දි දැන් අපි හිටියෙ කොළඹින් පිටත් වෙලා නුවරට ගිහින් එතනින් අපෙ අම්මයි අප්පච්චියි අයියයි තුන්දෙනාවත් එක්කගෙන ගමන පිටත් වෙලා .. කියන්න අමතක වුනා ඒත් එක්කම තව විශේෂ අමුත්තෙක්වත් අපි ගමනට එකතු කර ගත්තා .. ඒ තමයි අපෙ ලොකු අප්පච්චි .. අප්පච්චි එයාවත් එක්කගෙන යන්න තමයි හිතාගෙන ඉදල තියෙන්නෙ කලින් ඉදන්ම ..

අපි කතා කරගත්තු විදියට පවුලෙ අයත් එක්ක පුංචි නිවාඩුවක් ගත කරන්න එලියට යන නිසා අප්පච්චිට එයාගෙ අයියවත් මේ ගමනට එකතු කරගන්න ඕන වෙලා .. මුලින්ම අපෙ දසනායක මැණිකෙ ඒකට කැමති වෙලත් නෑ එයාගෙ ලොකූ ඒකෙන් අවුල් යයි කියලා .. ඒත් ඉතින් අන්තිමට අයියම ගිහින් අම්මලාට කියලා ලොකු අප්පච්චි එන එකෙන් එයාට ප්‍රශ්නයක් නෑ කියල.. ඔන්න ඊට පස්සෙ තමයි අපෙ අප්පච්චිට එයාගෙ මැණිකෙගෙ අවසරේ ලැබිලා තියෙන්නෙ ..
කොහොමහරි ලොකු අප්පච්චිත් අපි එක්ක ගමනට එකතු වුන එකනම් මටත් සතුටක් ..

ඒක නෙමෙයි .. අපි කොහෙද යන්නෙ කියලනම් ඔයාල දැනටමත් දන්නවා ඇතිනෙ .. ඔව් ඔව් බදුල්ලෙ ලස්සනම ලස්සන තැන් ගොඩක් බලන්නයි අපි දැන් යන්නෙ .. පුදුම ආසාවකින් තමයි මං මේ ගමන යන්න අපෙ අම්මයි එතකොට අයියගෙ අම්මයි දෙන්නම එක්ක සූදානම් වුනේ ..

මේ පාරත් අපි යන්නෙ රෙන්ට් එකට හයර් කරගත්තු වාහනේක .. අයියා හයර් කරල තිබුනෙ වෑන් එකක් .. හිතේ හැටියට නිදහසේ ගමන ගිහින් එන්න පුලුවන් අපි හැමෝටම සෙට් වෙන විදියෙ වාහනයක්..
මගෙ මහත්තය ඉතිම් හොද මොළකාරයා .. හොදට හිතල මතල තමයි වැඩ කරන්නෙ ඉතිම් ..!

මන්දාරම් අහස යට || TK Nonfic ♡ Where stories live. Discover now