__________________________________________________________________
අවුරුද්දත් හෙමින් හෙමින් ඉවර වීගෙන යද්දි අද , ඒ කියන්නෙ අප්‍රේල් දාසය වෙනිද දවසත් ගෙවිලා යන්න තව ඉතුරු වෙලා තියෙන්නෙ පැය තුන හතරක කාලයක් ..
වෙලාව රෑ නවය කිට්ටු වෙද්දිත් අපි ... , අපි කිව්වෙ මමයි මීණුයි එයයි .. තුන්දෙනත් එක්කම හිටියෙ මහ පාරෙ .. නෑ නෑ ගෙදරින් දොට්ට දාලා කියල වැරදියට හිතන්න එපා .. අපි මේ ගමනක් ගිහින් එන ගමන් .. ගිය ගමන කොහෙද කිව්වොත් අපි මේ නුවර ඒ කිව්වෙ අපේ ගෙදර ගිහින් එන අතර මග තවම ..
අපි තුන්දෙනත් එක්කම උදෙන්ම කොළඹින් පිටත් වුනේ නුවර අපේ අම්මලාට අවුරුදු අරන් යන්න හිතාගෙන .. යන ගමන නම් සාර්ථක වුනා ඒත් එන ගමන නම් එච්චර සාර්ථක නෑ අප්පාහ් .. ඒකනෙ අපි තාමත් පාරෙ ඉන්නෙ ..
නුවරින් පිටත් වෙද්දි හවස නිසාම එයා වැඩි කැමැත්තක් නොදැක්කුවත් මීණුගෙ බල කිරිල්ලටම මාත් හවුල් වෙද්දි අන්තිමට මාළිගාවටත් ගිහින් දළදාව වැදලා පහට පහ හමාරට වගේ නුවරින් පිටත් වුන අපි රෑ නවය වෙලත් තාමත් මහ පාරෙ ඉන්න හේතුව යන අතරමගදි වාහනේ ලෙඩ දෙන්න ගත්තු නිසයි .. ලෙඩ දුන්න කියන්නෙ වාහනේ ටයර් පන්ච් එකක් ..
මීණුත් මගෙ තුරුලෙ සැපට නිදාගෙන ඉද්දි මට වාහනෙන් බහින්නත් එපා කියපු එයා දැන් විනාඩි කීපයක ඉදන්ම පරණ ටයර් එක ගලවල අයින් කරල වාහනේ තිබුන අමතර රෝදෙ අරගෙන ඒක හයි කරද්දි මං මීණුවත් තියාගෙන වාහනේ ඇතුලට වෙලා වාඩිවෙලා එයා ඒක කරල එනකන් බලාගෙන ඉන්නවා ..
" හරිද ..?"
විනාඩි කීපයකට පස්සෙ එයා ගලවපු ටයර් එකත් අරගෙන ඇවිත් ඒකත් වාහනේ පිටිපස්සෙන් දාලා ඩ්‍රයිවින් සීට් එකෙන් ඇවිත් වාඩි වෙද්දි මං ඇහුවා ..
YOU ARE READING
මන්දාරම් අහස යට || TK Nonfic ♡
Non-Fictionමන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. • ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! වැහි කලුවකින් වැසී ගිය මන්දාරම් අහස යට සිට... රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = ..................