පනස් තුන්වන මන්දාරම 🍁

3.7K 334 161
                                    

_______________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

_______________________________________________________________

හෙමින් හෙමින් වෙලාව ගතවෙලා යද්දි එයාට තුරුල් වෙලා ඒ උරහිස උඩ ඔලුව තියාගෙන ඇස් දෙක පියාගත්ත මම පැයකට වැඩි වෙලාවක් නිදාගෙන ආපහු නැගිට්ටෙ දැන් විනාඩි කීපයකට කලින් .. මටත් කලින් නිදාගත්ත පුතත් මාත් එක්කම නැගිට්ටෙ එයා අපි දෙන්නට ඇහැරවපු නිසා ..

" හැමෝම බැහැගන්න පරිස්සමට .. "

අපේ අප්පච්චි හැමෝටම බහින්න කිව්වට අපි තාම අපේ පළවෙනි නැරඹුම් ස්ථානයට ඇවිල්ලනම් නෑ .. හැබැයි අපි ඒ ලගපාතම තමයි ඉන්නෙ ..
එතකොට දැන් අපි මේ නැවතුනේ තේ එකක් බීලා යන්න කියලා .. දැන් දහයත් පහුවෙලා .. එක දිගට ඩ්‍රයිව් කරද්දි සෝමසිරි අන්කල්ටත් මහන්සීනෙ ඉතිම් අපි තැනක නැවතිලා හදාගෙන ආපු කෙටි කෑම ටිකත් එක්ක උණු උණුවෙ තේ එකක් රස විඳලා ඊට පස්සෙ ආයෙ ගමන පටන් ගන්නයි බැලුවෙ ..

" සෙල්ෆි ගහන්න කිය කිය ගල් උඩ එහෙම නගින්නෙ නෑ ලිස්සනවා ඇති ඕවා .. විශේෂයෙන් පොඩි පුතා .. ඕකා තමයි නාහෙට නාහන එකා .."

ඉස්සරහම හිටිය සීයාප්පච්චි අපෙ අප්පච්චි ලොකු අප්පච්චි තුන්දෙනා මුලින්ම වාහනෙන් එලියට බහිද්දි පිලිවෙලට ඊලග සීට් එකේ හිටිය අම්මල දෙන්න ඊට පස්සෙ සීට් එකේ හිටිය අපි තුන්දෙනා ඊටත් පස්සෙ අන්තිම සීට් එකේ හිටිය හතර දෙනා , අපි හැමෝම වාහනෙන් එලියට බැස්සා ..

ඔය අතරෙදි තමයි අන්තිමට වාහනෙන් එලියට බහින අපි දිහා බලාගෙන සීයාප්පච්චි ඔය සෙල්ෆි ගහන කතාව කිව්වෙ ..
හැබැයි ඉතිම් අන්තිමට සීයාප්පච්චි මල්ලිවම ඉලක්ක කරා .. සීයා ඔයනම් හදන්නෙ මල්ලිව අවුස්සගන්න තමයි ..

මන්දාරම් අහස යට || TK Nonfic ♡ Where stories live. Discover now