_______________________________________________________________________________
දවල් දොළහ පහු වෙද්දි අපි හිටියෙ බදුල්ලෙ .. බෝගොඩ පාලම බලලා පැරණි විහාරෙත් බලලා කොහොමහරි දවල් දොළහ වෙද්දි බදුල්ලට එන්න අපිට පුලුවන් වුනා.. දොළහ කියන්නෙ දවල් කෑම වෙලාව වුනත් එන අතරමග වාහනේ නතර කර කර කාපු කඩචෝරුවල හැටියට දැන්නම් බඩගින්නක් ඇත්තෙම නැති නිසා අපි කෑමට නවතින්නෙ නැතිව අපේ ඊලග තැනට යන්න ගමන් ඇරඹුවේ දැනටම අපි පරක්කු නිසා ..
ඊලගට අපේ නැවතුම වුනේ බදුල්ල පස්සර පාරේ ටික දුරක් ගියාම බදුල්ල ටවුන් එක කිට්ටුවම තියෙන තවත් වැදගත් ස්ථානයක් .. බදුල්ල ටවුන් එක ආසනයේ කිව්වම කොයි කවුරුත් ඒ ගැනනම් දන්නවා ඇති .. ඒ තමයි මුතියංගන රජමහා විහාරය .. අද දවසෙ අපේ දෙවෙනි නැරඹුම් ස්ථානය වුනේ මුතියංගන චෛත්‍ය ..
බෞද්ධාගාමික අපිට ශාසනික ඉතිහාසය අතින් ගත්තම හරිම වැදගත් තැනක් තමයි මුතියංගනය කියන්නෙ .. බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කරපු වෙලාවෙ ඌව ප්‍රදේශය බාරවෙලා හිටපු ඉන්දික දිව්‍ය රාජයාගේ ආරාධනාවෙන් උන් වහන්සේ මේ ප්‍රදේශයට වැඩම කළා කියලා ජනප්‍රවාදවල සඳහන් වෙලා තියෙනවා ඔයාල අහල ඇති .. එදා බුදුරජාණන් වහන්සේ ගේ නළලින් වැටුන දහඩිය බින්දු මුතු බවට හැරුණා කියලත් සදහන් වෙලා තියෙනවා.. ඒ මුතු නිදන් කරලා මේ චෛත්‍ය ඉදි කරපු නිසාම අවසානයෙ මුතියංගන චෛත්‍ය වුණා කියලත් ජනප්‍රවාදවල සඳහන් වෙනවා ඔයාල අහලා ඇතිනෙ..
ඉතින් ඔන්න ඔය විදියට අපි මුතියංගන විහාරයත් වැදගෙන ඊලගට ආවෙ තවත් ලස්සන තැනකට යන්න හිතාගෙන වුනත් වෙලාවත් හෙමින් හෙමින් ගෙවිලා යන නිසා අපි ඒ තැනට යන්න කලින් දවල්ට කන්න කෑම ටිකක් ගන්න හොද තැනකින් වාහනේ නැවැත්තුවෙ අපි යන පැත්ත ටිකක් දුෂ්කරයි කියලා ආරංචි වුන නිසයි ..
YOU ARE READING
මන්දාරම් අහස යට || TK Nonfic ♡
Non-Fictionමන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. • ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! වැහි කලුවකින් වැසී ගිය මන්දාරම් අහස යට සිට... රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = ..................