_____________________________________________________________________
Mihika's Pov ~යෝහ් අදනම් මාර ලස්සන දවසක් ..! පටන් ගැන්මම හරිම සුබදායකයි .. සුට්ටක් ඇඩුවත් මොකෝ දැන් මං ඉන්නෙ කාටවත් වඩා සතුටින් ..
යෝහ් කෙල්ලනේ එයා..! අනේහ් මතක් කරද්දීත් මට පිස්සු වගේ ..!දැන් කියන්න එපා තාම කටක් ඇරලා " මං ඔයාට ආදරෙයි මිහික .." කියල කිව්වෙ නෑ කියලා .. හරි හරි ඔයැයිලා කිව්වා හරි .. තාම ඒක කිව්වෙ නෑ තමයි ඒ වුනාට දැන් සූටි විශ්වාසයක් තියෙනවා එයා ඒකත් ඉක්මනටම මට කියයි කියලා ..
අනේව් මගේ බ්‍රිගේඩියර් කොම්ලා .. බලන්නකෝ ඒයිලා මාව තුරුල් කරගෙන මැරෙන කතා කියවල උදෙන්ම මාව ඇඩෙව්වත් එක්ක .. මෝඩයා ..!
හැබැයි ඒකටනම් තරහ වෙන්න ඕන හරිනම් පැයක්වත් .. ඇයි අනේ බොරුවටනෙ මාව ඇඩෙව්වෙ ..ඒ වුනාට එක්කො එහෙම ඕන නෑ නේද .. තුරුල් කරගෙන නලලට කිස් එකකුත් දුන්නනෙ .. යෝහ් මට ඉවසන්න බෑ උඩ පැනල කෑ ගහල නටන්න ඕන .. ලවුඩ් ස්පීකර් දාලා ලෝකෙටම කෑ ගහල කියන්න ඕන වගේ මට මේ වෙලාවෙ දැනෙන සතුට ගැන ..
ඒත් .. එක්කො ඒකත් ඕනවට වඩා වැඩී වගේ නේද .. මගෙ සතුට වෙනුවෙන් ශබ්ද දූෂණය.... නෑ නෑ ඒක හරියන් නෑ ..අයියෝ එහෙනම් මං මොකද කරන්නෙ .. සතුට දරා ගන්න බැරුව පුපුරල මැරිලා යයි වගේ මාව .. එහෙම වුනොත්නම් ඔන්න වගකියන්න ඕන මගේ බ්‍රිගේඩියර් මහත්තය තමයි කෙල්ලනේ ..
යෝහ් ඒ අස්සෙන් මේ කම්මුල් .. ඒවා රතුවෙලා හරියට නිකන් ජම්බු ගෙඩියක් වගේ මාව මෙහෙම ඉද්දි ..
මේ බලන්නකෝ ඒයිලා ... ඔය .. ඔය කොහෙද බලන්නෙ කණ්නාඩිය දිහා බලහල්ලා යකුනේ .. මං ඉන්නෙ කණ්නාඩිය ඉස්සරහ ..ඔහොම පොඩ්ඩක් ඉන්න .. එයා සප්‍රයිස් එකක් ගැනත් කිව්ව නේද මට ..
යෝහ් තව පොඩ්ඩෙන් ඒකත් අමතක වෙනවා මෙතන පිස්සු නටන්න ගිහින් ..
දැනටම මං බාත්රූම් එකට රිංගගෙන පැය භාගයකට කිට්ටුයි.. අරයා ඉක්මනට එන්නත් කිව්වා ..
YOU ARE READING
මන්දාරම් අහස යට || TK Nonfic ♡
Non-Fictionමන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. • ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! වැහි කලුවකින් වැසී ගිය මන්දාරම් අහස යට සිට... රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = ..................